Advertisement

''සමහරක් අයගේ පොඩි චෝදනාවකුත් තියෙනවා මම සජිත්ට වැඩිපුර සලකනවයි කියලා. එයාව උස්සනව කියලත් කියනවා.

හැම කෙනෙක්ම උස්සනවා දූෂණයෙන් තොර නම්. හැම කෙනෙක්ම උස්සනවා අවංකව කැපවීමෙන් වැඩ කරනවානම්..'' යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසිය.

ජනාධිපතිවරයා එබව කියා සිටියේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40 ක් සපිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉරිදා (23) පැවති සැමරුම් උත්සවයේදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

''සජිත් ප්‍රේමදාස ඇමතිතුමා විශේෂයෙන් තම පියා ගෙනගිය වැඩපිළිවෙල පොදුජනතාව වෙනුවෙන් හඳුනාගෙන ඊට දෙන නායකත්වය අපි ඉතාමත් අගය කරනවා. මම සජිත් ඇමතිතුමාට ගරු කරන කරුණු දෙකක් තියෙනවා. ඒ කරුණු දෙක සමහර ඇමතිවරුන්ට නැහැ. මේ ආණ්ඩුවලටත් නැහැ, හුඟක් ආණ්ඩුවලත් නැහැ.

ඒ කරුණු දෙක තමයි, එකක් වැඩකිරීමට ඇති කැපවීම, ඕනෑකම, උනන්දුව සහ අවංකකම, ජනතාවගේ ප්‍රශ්න හඳුනාගැනීම. ඒ එක කාරණයක්. දෙවෙනි කාරණය තමයි බොහෝ දේශපාලකයන්ට නැති දූෂණයෙන් තොර දේශපාලඥයෙක් වීම. මේ කරුණු දෙක නිසයි මම සජිත් ඇමතිතුමාට සලකන්නේ.''

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements