Advertisement

හමුදාපතිට ඉල්ලා අස්වන්නැයි කියයි

පසුගියදා රට පුරා ඇති ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීමට හමුදාව මැදිහත්වීම නොවීම පිළිබඳව යුද හමුදාපතිවරයාට චෝදනා කළ යුතුයැයි අද පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ දී චෝදනා එල්ල වී ඇත.

ජනාධිපතිවරයා සමඟ මෙම කච්ඡාව කොටුව ජනාධිපති මන්දිරයේදී පැවතුණේ ආණ්ඩුවට සහයෝගය දෙන මන්ත්‍රී කණ්ඩායම සමගයි.

එළඹෙන උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඉදිරි උත්සව කාලයේ දී ජනතාව විශාල වශයෙන් වීදි වලට බැස හැසිරුණහොත් රට වසා දැමීමට සිදු වෙතැයි කොරෝනා පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මේවන විටත් ශ්‍රී ලාංකිකයින් ඉතා සුළු වශයෙන් මෙරටට රැගෙන එනවා

ගුවන් තොටුපළ මඟින් වෙනුවෙන් යළි විවෘත කිරීම කොවිඩ් 19 වෛරසය පැතිරයාම සිදුවන ආකාරය අනුව තීරණය කිරීම රජය විසින් සිදුකරනු ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ‍

හමුදාපතිවරයා එසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ 7 වන යුද්ධ හමුදා කණ්ඩායමට සුබපැතුම් ඒක්කිරීම වෙනුවෙන් අද (17) දින උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි අවස්තාවේදීය.
ඉදිරි කාලය ඉතාමත්ම තීරණාත්මකයි

ඉදිරි කාලය ඉතාමත්ම තීරණාත්මක බැවින් මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන මඟහැර වගකීමෙන් කටයුතු කරන ලෙස මහජනයාගෙන් ඉල්ලීමක් කරන බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

මේ වනවිට කොරෝනා වසංගත තත්ත්වය විශ්ලේෂණය කරමින් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවත් ජනතාව මේ තත්ත්වය නිසි පරිදි අවබෝධ කරගෙන වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, හමුදාපතිවරයා කියා සිටියා.

මුල් වටයේදී කොරෝනා පාලනය කිරීම ගැන ජනතාව ඇතුළු බොහෝ දෙනා අධිතක්සේරුවකට සිටි බවත් එනිසා නැවත වතාවක් රැල්ලක් ඇති වීමට එම තත්වය ඉවහල් වූ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් ඉදිරි දින හතක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු විය හැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

දිවුලපිටියේ ඇඟලූම් කර්මාන්තශාලාවට කොරෝනා වෛරසය ඇතුළු වූයේ විදෙස් රටකින් පැමිණි පුද්ගලයෙකුගෙන් හෝ පිරිසකගේ අතපසුවීමකින් විය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කර්මාන්ත ශාලාවට මෙරට සමාජය තුල සිටි ආසාදිතයකුගෙන් වෛරසය ඇතුළු වීමට කිසිදු හැකියාවක් නැතැයි ද ඔහු කියා සිටියේය.
රණවිරුවන් ජනතාව වෙනුවෙන් සිය ඇඳ ලබා දී බිම නිදා ගත්තා
රණවිරුවන්ට ‍ගස් මුල් මත නිදා ගෙන පුරුයි
රණවිරුවා රැක ගැනීමට උපරිමයෙන් කැප වෙනවා

සමාජ මාධ්‍ය ඔස්සේ පලවන ඡායාරූපයක් පිළිබඳ අදහස් පළ කරමින් යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, රණවිරුවා රැක ගැනීමට උපරිමයෙන් කැප වෙන බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (30) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා සම්බන්ධ වෙමිනි.

මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් රණවිරුවන් පිරිසක් ගොඩනැඟිල්ලක බිම ඇතිරිලි යොදා ගෙන නිදා සිටින ඡායාරූපයක් සංසරණය වන බවත් එම ඡායාරූපය පිට රටක සිට පළ කර ඇති බවත් යුද හමුදාපතිවරයා පැවසීය.
මෙරට තුළ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ දිනයේ වාර්තා වුවද ඊට බිය වීමට ජනතාවට කාරණාවක් නැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම සියලු පුද්ගලයන් හමු වූයේ දැනට වසා දමා නිරෝධායන කර ලද ප්‍රදේශයක සිට බවද ඔහු පැවසීය.
ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් රට පුරා තවත් ගම් ප්‍රදේශ හුදෙකලා කිරීමේ හෙවත් Lockdown කිරීමට සිදුවනු ඇති බව කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාවේ සංචාරය කිරිම තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස සිය විරෝධතාවය දක්වා තිබෙනවා.
තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනව.

එමෙන්ම අනාගතයේදී අයදුම් කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද ඒ මහතා සඳහන් කරනවා.
යුධ හමුදාවේ දෙවැනියා හෙවත් මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට ජූනි 21 වෙනිදා වයස අවුරුදු 55 සපිරෙන හෙයින් එදින ඔහු විශ්‍රාම යාමට නියමිතව සිටියද ඔහුට තවත් මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements