Advertisement

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ සහ ඊට දෙන නායකත්වය නිසා එය දුර්වල කිරීමට සහ තමන් විනාශ කිරීමට විශාල කුමන්ත‍්‍රණ තිබෙන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (02 දා) පොළොන්නරුවේ සිරිපුරදී ප‍්‍රකාශ කළේය.

ඒ පිටුපස සිටින්නෙත් වියදම් කරන්නේත් කුඩු ජාවාරම්කාරයින් යැයිද ජනාධිපතිවරයා කීය.

මත්ද්‍රව්‍ය මර්දනයේදී මත්කුඩු ජාවාරම් කාරයින්, කුඞ්ඩන් වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා විශාල වශයෙන් පෙනී සිටින බවද හෙතෙම කීවේය.

මත්ද්‍රව්‍ය විරෝධී සටන අඩපණ කරන්නට විශාල පිරිසක් අද උසාවි යන බව කී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මානව හිමිකම් බාස්ලා හිර ගෙදර ඉන්න මත්කුඩු ජාවාරම්කාරයින් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගෙන තිබෙන බවද පැවසීය.

ආණ්ඩුවයි, විපක්ෂයයි, එන්. ජී. ඕ.යි තවත් සමාජයේ බොහෝ අය විශාල වශයෙන් තමන්ට පහර දෙන්නට පටන්ගෙන තිබෙන බව කී ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා තමන්ට ජීවිත තර්ජනද එල්ලවී තිබෙන බව කීය. බුද්ධි අංශ ඒ ගැන වාර්තා කර ඇතැයිද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

තමන් ආවේ කවුරුවත් රකින්නට නොව රට රකින්න, ජනතාව රකින්න බව පැවසූ ජනාධිපතිවරයා හොරකම, ¥ෂණය, වංචාව, නාස්තිය කවුරු කළත් ඊට දඬුවම් ලබාදෙන බවද ප‍්‍රකාශ කළේය.

ඉහළ දේශපාලන නායකයින් කෝටි ප‍්‍රකෝටි ගණන් හොරකම්, මංකොල්ල, ¥ෂණ වංචා කරන විට තමන්ට බලාගෙන ඉන්නට පුළුවන් කමක් නැති බව කී ජනාධිපතිවරයා ඒ සියල්ලටම කොමිෂන් පත්කළ බවද ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ඊයේ (02 දා* ලැබුණු බව කී ජනාධිපතිවරයා එහිද හොඳ හොඳ සෙල්ලම් තිබෙන බව කීවේය. හෙට අනිද්දා වන විට ඒ වාර්තාව එළි දක්වන බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

මහවැලි ජනපදිකයින් 8000 ක් සඳහා ඉඩම් ඔප්පු පිරිනැමීම නිමිත්තෙන් සිරිපුර මධ්‍ය මහා විiාලයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements