ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත්කල යුතු බව තම අදහස යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
මෙම අදහසට මූලික කරුණු දෙකක් බලපාන බවත්, එක - මෙවර ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ ම අයකු ඉදිරිපත් කලයුතු බවත්, දෙක- ඒ අපේක්ෂකයාට ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබිය යුතු බවත් මෙහිදී අවධාරණය කර සිටියි.
ඒ අනුව පක්ෂය තුල ඒ හැකියාව තියෙන, ජනප්‍රියම පුද්ගලයා ලෙස තහවුරු වී ඇති සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ නායකතුමා ඇතුළු සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ඉදිරිපත් කළ යුතු බවට තමන් යෝජනා කරන බව මංගල සමරවීර අමාත්‍යරවරයා මෙහිදී පවසයි.

