Advertisement

ජනාධිපතිවරණ දිනයට පෙර ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමේ සහතික ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂන ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරයි. නොවැම්බර් 06 වැනිදා කොළඹ සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ බව පැවසූ මංගල සමරවීර අමාත්‍යවරයා අවධාරණය කළේ ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමේ DS4079 දරණ සහතිකය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට පෙර ඉදිරි සතියේදී රටට ඉදිරිපත් කළ යුතු බවයි. 
මැතිවරණ සමයේ ඇමරිකන් විරෝධී භීෂණයක් මවාපාමින් ජනතාව නොරවටා MCC ගිවිසුමෙන් රටට හානියක් වේ නම් හෙළි කරන්න - විපක්ෂ නායකවරයාට මුදල් ඇමතිගෙන් අභියෝගයක්!

ඇමරිකාව සමඟ මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා (MCC)ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හානියක් සිදුවන බවට චෝදනා කරනවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එයින් රටට සිදුවන අයහපතක් පිළිබඳව කිසිදු සඳහනක් නොකරහුදු ඇමරිකන් භීෂණයක් මවාපෑමට උත්සාහ දරමින් සිටියි. ජනාධිපතිවරණයක් පැවැත්වෙන මෙවන් අවස්ථාවකදී ජනතාව මුලානොකර MCC ගිවිසුමෙන් රටට හෝ ජනතාවට හානියක් වේනම් ඒ පිළිබඳව ජනතාවට කරුණු හෙළිකරන්නැයි විපක්ෂ නායක ඇතුළු පොදු පෙරමුණේ නායකයන්හට අභියෝග කරමි.
ගෝඨාබය රාජපක්ෂගේ 'ගොට්ටන්' විසින් යළි ජාතිවාදී කෝලාහලයක් ඇතිකර මෙවර මැතිවරණයේදී දේශපාලන වාසි ලබාගැනීමට

උත්සහකරන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර චෝදනා කරයි. මාතර, කිරින්ද, පුහුල්වැල්ල ප්‍රදේශයේ පසුගියදා (27) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.

පසුගියදා (27) සවස ඇතිවු උණුසුම්කාරි තත්ත්වය මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිසිය සදහන් කරයි. මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ බලකායද යොදවා ඇති බව එහි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතිෆ් ප්‍රකාශ කර සිටියේය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත්කල යුතු බව තම අදහස යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. 

මෙම අදහසට මූලික කරුණු දෙකක් බලපාන බවත්, එක - මෙවර ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ ම අයකු ඉදිරිපත් කලයුතු බවත්, දෙක- ඒ අපේක්ෂකයාට ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබිය යුතු බවත් මෙහිදී අවධාරණය කර සිටියි.
අන්තවාදී භික්ෂුන් වහන්සේලා කිහිප නමකගේ බලපෑමට යටත්වී අගමැති බණ්ඩාරනායක මහතා 1958 අප්‍රේල් 09දා 'බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම' ඉරා දැමු කාලකන්නි දිනයට පසු උදවු අවාසනාවන්තම දිනය ලෙස ඊයේ දිනය (03) ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වනු ඇතැයි මුදල් මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වීම දැනුම්දීමට ඊයේ අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේදී ඉහත කාරණය අවධාරණය කර ඇති මුදල් අමාත්‍යවරයා, භික්ෂුන් වහන්සේලා කිහිප නමකගේ විරෝධය හමුවේ දේශපාලන නායකයින් නිවට අකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් දැඩි ආවේගයෙන් යුතුව අදහස් දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂයේ නායක එස්.ජේ.වී. චෙල්වනායගම් අතර 1957 ජූලි 26 දිනදී අත්සන් තැබුණු එකඟතාවයක් බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම නමින් හැඳින්වෙයි.

මුස්ලිම් මැති ඇමතිවරුන් පමණක් ඉල්ලා අස්වීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අහිතකර ලෙස බලපෑමේ අවධානම මෙහිදී පැහැදිලි කර ඇති අමාත්‍යවරයා, එවැනි තත්වයක් වැලැක්වීම සඳහා තමා ද මේ මොහොතේම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව ප්‍රකාශකර තිබේ. එහෙත් අගමැතිවරයා මෙන්ම සියලුම මුස්ලිම් දේශපාලන නායකයින් මේ අවස්ථාවේදී ඇමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබිණ.

''එදා බණ්ඩාරනායක මහත්තයට කොන්ද පණ තිබුනේ නැහැ. ඒකෙන් වෙච්ච විනාශය අපි ඇස්පනාපිට දැක්කා. අද අපේ නායකයින්ටත් කොන්ද පණ නැහැ. දේශපාලන බලය ආගමික නායකයින් අතට පත්වීම අතිශයින් භයානකයි.'' මුදල් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති මුදල් අමාත්‍යවරයා මෙසේ සඳහන් කර ඇත.

“වෛරයෙන් වෛරය නොසන්සිඳේ.
අවෛරයෙන්ම පමණක් වෛරය සන්සිඳේ.
එය සදාකාලික සත්‍යයකි...
බුදුන් වහන්සේ වදාළ එම උතුම් ධර්මය නාමයෙන්
සිවුරු පැළඳගත් පුද්ගලයින් විසින් වෛරය වපුරවද්දී
එම දහමට අනුව ක්‍රියා කිරීමට
අද දින මුස්ලිම් මැති ඇමතිවරුන්ට සිදු විය.
අපේ ආදරණීය මව්බිමට ලැජ්ජා සහගත දිනයකි.“












මේ අතර the leader වෙබ් අඩවි  රතන හිමිගේ උපවාසය පිළිබදව සමාජ ජාලා  ක්‍රියාකාරීන් සහ විවිධ සමාජ මට්ටම්වල සිටි පිරිස්  දැක්වූ අදහස් උපුටා දක්වා ඇත ඒ මෙසේය.

මල්වතු මහා නාහිමියෝ පැවසු වදන :

බණ්ඩාරනායක-චෙල්වනායගම් වැනි ගිවිසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මහා විනාශයකට මුහුණ දුන් බව මල්වතු මහා නාහිමියෝ ද මිට ඉහතදී ප්‍රකාශකර ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා 2017 ඔක්තෝම්බර් මාසයේ එහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ එම කාරණය අවධාරණය කර තිබිණ.

අදාල ප්‍රකාශය ඇතුලත් 'බීබීසී සිංහල සේවයේ' පුවත් වාර්තාව,














නව ව්‍යවස්ථාව: ප්‍රභාකරන් බිහිවුණේ විසඳුම් නොදුන් නිසාද?

ඊයේ දිනයේ සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද මත පලවී ඇත. බණ්ඩාරනායක හාමුගෙන් පස්සේ ලංකාවට උන ලොකුම විනාශය අද සිදුවූ බව ඔබේ කුඩා දරුවන් මතු දවසක පවසනු ඇත. '' එහි එක පොස්ස්ටුවක සඳහන් විය.


උන්වහන්සේලා දිනලා, රටට කෙලවලා !

රතන මන්ත්‍රී හිමියන්ගේ ' මහා මාරාන්තික උපවාසය' අවසන් වීමෙන් අනතුරුවද ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේද පුළුල් කතිකාවක් ආරම්භ වී ඇත.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති කපිල ක්‍රිෂාන්ත, සහරාන්ගේත් රතනගේත් වෙනස මොකක් දැයි විමසා සිටියි.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements