Advertisement

ගෝඨාබය රාජපක්ෂගේ 'ගොට්ටන්' විසින් යළි ජාතිවාදී කෝලාහලයක් ඇතිකර මෙවර මැතිවරණයේදී දේශපාලන වාසි ලබාගැනීමට

උත්සහකරන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර චෝදනා කරයි. මාතර, කිරින්ද, පුහුල්වැල්ල ප්‍රදේශයේ පසුගියදා (27) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.

පසුගියදා (27) සවස ඇතිවු උණුසුම්කාරි තත්ත්වය මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිසිය සදහන් කරයි. මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ බලකායද යොදවා ඇති බව එහි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතිෆ් ප්‍රකාශ කර සිටියේය.

ගැටුමට මුල මෙන්න :

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ නම් මාධ්‍යය හරහා ප්‍රකාශවීමත් සමග එම ප්‍රදේශයේ තරුණයින් පිරිසක් රතිඥා දල්වමින් සතුට පළකර ඇති අතර අනතුරුව අදාල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සභාපතිගේ ගෝලයකු හා එසේ රතිඥා දැක්වූ මුස්ලිම් තරුණයකු අතර බහින් බස්වීමක් සිදුව ඇත.

එම බහින්බස්වීමේදී මුස්ලිම් තරුණයා තමන්ට පහරදුන්නේ යයි පවසමින් ප්‍රාදේශීය සභාපතිගේ ගෝලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුලත්ව තිබේ.

එහිදී පහරදුන් තරුණයා වහාම අත්අඩංගුවට ගන්නැයි පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය බලධාරියකු මාතර පොලිස් ස්ථානාධිපති කාර්යාලයට දිගින් දිගටම බලපෑම් කර ඇත.

ඒ අතර රාජපක්ෂවාදීන්ගේ බල කඳවුරක් වන එම ප්‍රදේශයේ විහාරස්ථානයකට ඊයේ සවස තරුණයින් පිරිසක් රැස්වී මුස්ලිම් තරුණයා වහාම අත්අඩංගුවට ගැනීමට බලකිරීමේ විරෝධතාවයක් පැවැත්වීමට සාකච්ජා කරමින් සිටිය දී කිසියම් පුද්ගලයකු විසින් පන්සලට බියර් බෝතයක් විසිකර තිබේ.

ඉන්පසු එම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් මතුව ඇති අතර පොලිසිය වහාම මැදිහත්වී සිද්ධිය පාලනය කර තිබේ.

ගොට්ටන්ගේ වෛරී මෙහෙයුම :

පොලිසියේ මැදිහත්වීමේ ගැටුම පාලනය කර තිබිය දී රාජපක්ෂවාදීන්ගේ සමාජ මාධ්‍ය මෙම සිද්ධිය හුවාදක්වමින් මාතර ප්‍රදේශයේ ඇඳිරි නිතිය පනවා ඇති බව පවසමින් ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇතිකිරීමට කටයුතු කර තිබිණ.

රාජපක්ෂවාදීන්ගේ එක සමාජ මාධ්‍ය සටහනක සඳහන් වුයේ, කඩු රැගත් මුස්ලිම් පිරිසක් පන්සල් භූමියට පැමිණීමත් සමග මෙම නොසන්සුන්තාවය ඇතිව තිබෙන බවයි.

ඊට වහාම ප්‍රතිචාර දල්වා තිබූ matarakimbula.com පුවත් වෙබ් අඩවියේ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා නෙත්තසිංහ සිය FB පිටුවේ මෙසේ සටහනක් පළකර තිබිණ

''ඉදුල් මදාවියෝ කියන්නෙ මෙන්න මුන්ට ...මේක සම්පුර්ණ අසත්‍යයක්...! මාතර ට ඇදිරිනීතිය දැම්මෙත් නෑ...ඔය කියන විදියට ඒ ජන ප්‍රජාව පන්සලට ආවෙත් නෑ...රට ගිනිතියන මේ ලේ මාපිලුන් ගෙ ලණු ගිලින්න එපා මිත්‍රවරුනි ...!


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements