දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම අසළදී සුඛෝපභෝගී ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 50ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද(07) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
කඩුවෙල සිට පැමිණි මෙම ජීප් රථය අතුරුගිරිය පිටවීමේ දොරටුවේදී පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකිව ඇත.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

