ජනාධිපතිවරණ සමයේදී විවිධ දේශපාලන මතවාද තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා හුවමාරු කරගන්නා පරිශීලකයන්ගේ ගිණුම් හදුනා නොගත් පාර්ශවයකට පත්වීමේ ප්‍රවණතාවයක් ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනය කරනවා.
මෙහිදී හදුනා නොගත් පාර්ශවය විසින් ව්‍යාජව සකස් කරන ලද සමාජ මාධ්‍ය වෙබ් අඩවියක ආකෘතියක් අදාල පරිශිලකයාට යොමුකොට එම වෙබ් අඩවි ආකෘතියට සමාජ මාධ්‍ය පරිශිලකයාගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුලත් කරන ලෙස හගවා එම දත්ත සොරාගැනීමක් සිදුකරනු ලබන බවයි ඔවුන් වැඩි දුරටත් තොරතුරු වාර්තා කරන්නේ.
අවම ආරක්ෂණ ක්‍රමවේදයන් හාවිතා කරන සමාජ මාධ්‍ය පරිශීලක ගිණුම් ඉතා පහසුවෙන් හදුනා නොගත් පාර්ශවය අතට පත්වීමේ හැකියාවක් පවතින නිසා two factor authentication නොහොත් දෙවන සාධක සත්‍යාපන ආරක්ෂණ ක්‍රමවේදයක් ඔබගේ ජංගම දුරකථන අංකය භාවිතයෙන් හෝ google authenticator වැනි යෙදුමක් භාවිතයෙන් සිදුකරගන්නා ලෙස අප සමස්ත ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශිකයන්ට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වැඩි දුරටත් පවසනවා.

