Advertisement

තැපැල් කාර්යාල වෙත ලැබුණු ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පති‍්‍රකා තේරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

තැපැල් ඡන්ද පති‍්‍රකා අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත බෙදාහැරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 31 වැනිදා සහ නොවැම්බර් මස පළමු වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පොලිස් ස්ථානවල සහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යයාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කෙරෙන්නේ නොවැම්බර් 04 සහ 05 යන දෙදිනයි. එම දිනවලදී නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයෙකුට නොවැම්බර් මස 07 වැනිදා අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ති‍්‍රක්කයේ, දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලයේදී තැපැල් ඡන්දය ලබාදිය හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ නිළ ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීම සඳහා ලබන 25 වැනිදා තැපැල් කාර්යාල වෙත භාරදීමට නියමිතව තිබෙනවා. තැපැල්පති රංජිත් ආරියරත්න එම කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ "මේ මාසේ 25 වැනිදා සිට දිගටම බෙදීම් කටයුතු කරනවා. බෙදාහැරීම් කටයුතු විදේශ දිනයක් හැටියට නොවැම්බර් මාසේ 03 වැනිදා සිදු කෙරෙනවා. ඉන් පසුව බෙදාහැරීම් කටයුතු සිදු නොවෙච්ච.. නිවාසවල නොහිටපු පිරිස් වෙත ආසන්නතම තැපැල් කාර්යාලයට පැමිණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. " යනුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements