ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත්කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළේ ජනාධිපති මැතිවරණ කාල සීමා සඳහා අදාළව එම පත්කිරීම සිදුකරන ලද බවයි.
ජනාධිපතිවරණයේදී 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂකයාට සහය දෙන්නේද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම්වල දී උණුසුම් වාද විවාද ඇතිවූ අතර සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, තිලංග සුමතිපාල වැනි මන්ත්‍රීවරුන් පොහොට්ටුවට එක්විය යුතු බවට දැඩි ස්ථාවරයක සිට කටයුතු කළේය.
කෙසේවුවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීරගේ නිවසේ ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදන බවත් ජාතික බලවේග සමඟ ඉදිරියට කටයුතු කිරීමට තීරණය කළ බවත් දයාසිරි පවසයි.
එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂට සහාය දැක්වීමට තීරණය කළ බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදන බවත් ජාතික බලවේග සමඟ ඉදිරියට කටයුතු කිරීමට තීරණය කළ බවත් මහ ලේකම්වරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලූ දෙනාම මෙම තීරණයේ සිටින බවත් ඔවුන් සියලු දෙනා ගෝඨාබය රාජපක්ෂට සහාය දෙන බව ද ඔහු සඳහන් කළේය.
කෙසේවුවද ශ්‍රීලනිපයේ සභාපති ලෙස කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 'පොහොට්ටු' පක්ෂයේ වේදිකාවට ගොඩවිම තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.

