Featured News

Video Gossip

Advertisement

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථීර කරමින් අවසන් බව බුද්ධි අංශ වාර්තා වලින් පැහැදිලි වන බව පැවසේ. ඒ අනුව  පහත සදහන් වන්නේ අවම වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා ප්‍රතිශතයන්හී අගයයි.


ගෝඨාභය රාජපක්ෂ මේ වන විට 52% පමණ වූ ප්‍රතිශතයක් බව අවසන් කරන ලද සමීක්ෂණයක විශෙලේෂනයෙන් පෙන්නුම් කර ඇත. ඒ අනුව දකුණු පලාතේ 
දිස්ත්‍රික්ක 3 නම ගෝඨාභය රාජපක්ෂ මහතා 70% ආසන්න චන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා ඇති බවට සදහන් වේ. 

ඊලගට ඔහු වැඩි ප්‍රතිශතයකින් ජයගන්නේ ගම්පහ, කුරුනෑගල, අනුරාධපුර, පොලොන්නරුව, සහ මොනරාගල දිස්ත්‍රික්ක යි. එහි ප්‍රතිශතය 60 -62 % වේ. ඊලගට ඔහු ජය ගන්නා කලුතර, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක 55-57% ප්‍රතිශතය කින් ජය ගනී. 

මාතලේ. මහනුවර සහ පුත්තලම ගෝඨාභය ජය ගන්නා මුත් එහි ප්‍රතිශතය 51-52% වේ. කලුතර 54% කින් ගෝඨාභය ජය ගනී.කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජය හිමි වන්නේ සජිත් ප්‍රේමදාස ට වන අතර ඉන් පිටත සියලුම චන්ද බල ප්‍රදේශ වල බලය අත් වන්නේ ගෝඨාභය ටයි. 

නුවරඑළිය සහ බදුල්ලේ වැඩි බලය සජිත් ප්‍රේමදාස ටයි. එය 52% පමන වේ. උතුරේ කයිට්ස් සහ මානිපායි චන්ද බල ප්‍රදේශ හැර අනිත්වා ජයගන්නේ සජිත් ප්‍රේමදාස යි. නැගෙනහිර පලාතේ තත්ත්වය වඩා වෙනස් වන අතර සජිත් සහ ගෝඨාභය යන දෙදෙනාම 50 % ඉක්මවා චන්ද ගන්නේ නැත. මෙවර අනුර දිසානායක 5% ක චන්ද ප්‍රතිශතය ක් ගන්නවා ඇති බව සදහන්. 

මෙම පුරෝකතනය සමාජ විද්‍යා පර්‍යේශන ක්‍රම නිවැරැදි ව අනුගමනය කරමින් 1% error එකක් සහිතව විද්‍යාත්මක ව සිදු කල සමීක්ෂණයක ප්‍රතිඵල බවයි.

මේ අනුව සජිත් ප්‍රේමදාස මහතාට උපරිමයෙන් ලබාගැනීමට හැකි ඡන්ද ප්‍රමාණය වන්නේ සමස්ත ඡන්ද ප්‍රථිපලයෙන් 45% කි. අනුර කුමාර ඇතුළු අනික් කණඩායම 3% ප්‍රතිශතයක් ලබාගනු ඇත. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු අයුරකින් මෙකී 45% ප්‍රමාණය 47% දක්වා ඉහළ දමා ගැනීමට නොහැකි බවද සදහන් කලයුතුවේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාට තම ඡන්ද ප්‍රමාණය සමස්ත ප්‍රථිපලයෙන් 62.56% වන ප්‍රමාණයට ඉහළ නංවා ගත හැකි බව ඔවුන් පවසයි. 

මේ අනුව නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනු  ඇති බව පැවසේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements