ගාලු මුවදොර ආසන්නයේ පැවති යුධ හමුදා මූලස්ථානය පිහිටි ඉඩම හෝටල් සංකීර්ණයක් වෙනුවෙන් විකුණා දැමීම හේතුවෙන් යුධ හමුදා මූලස්ථානයට අවශ්‍ය කාර්යාල පිහිටුවීමට ගොඩනැගිලි කුලියට ගැනීමට සිදු වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ සඳහා රජය විසින් මාසිකව රුපියල් කෝටි හතරකට ඉක්මවා වියදම් කිරීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.
පැලවත්ත අකුරේගොඩ ඉදිකරන ලද නව යුද හමුදා මූලස්ථානය විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
හමුදා මූලස්ථානය ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 2011 වර්ෂයේ වුවද මේ දක්වා ප්‍රමාද වූයේ මුදල් නිකුත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් සිදු වූ ප්‍රමාදය නිසා බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

