Featured News

Video Gossip

Advertisement

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට හම්බන්තොට දක්වා වූ දිගුව සහ පිටත වටරවුම මාර්ගයේ කඩවත කෙරවලපිටිය කොටස අද (07) ජනතා අයිතියට පැවරෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි පැවසුවේ එම මාර්ග කොටස් 02, හෙට (08) මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට රථවාහන ධාවනය සඳහා විවෘත කෙරෙන බවයි. 

තවත් කෙටි කලක් තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතිරිවී ඇති කොටසේ ඉදිකිරීම් ද අවසන් කළ හැකි බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

ඉදිරියේදී යහපත් කාලගුණ තත්ත්වයක් පැවතියහොත් හම්බන්තොට සිට කටුනායක දක්වා එකම මාර්ගයෙන් ගමන් කිරීමේ අවස්ථාව ජනතාවට උදා කර දිය හැකි බවද සඳහන් කළා. එම කටයුතුවලට බාධා ඇති වූයේ වර්ෂාව බවද සඳහන් කළා.

මෙම අධිවේගී මාර්ග ද්විත්වය සම්බන්ධ වීමත් සමග දැනට අයකරන ගාස්තු ක‍්‍රමය සංශෝධනයකට ලක්වන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements