Advertisement

හැරී කුමරු සහ ඔහුගේ බිරිය මේගන් මාර්කල් නිතර ආන්දෝලනයන්ට ලක්වන රාජකීය යුවළක් බව දැන් ප්‍රසිද්ධ කාරණයක්. ඔවුන් දෙදෙනා සහ විලියම් කුමරු-කේට් මිඩ්ල්ටන් යුවළ අතර යම් යම් ගැටුම් ඇති බවටද පසුගිය කාලයේ ආරංචි පැතිරුණු අතර හැරී කුමරු වරක් මෙය සනාථ වන ආකාරයෙන් මාධ්‍ය සමඟ අදහස් පළකර තිබෙණුද දැකිය හැකි වුණා.
එමෙන්ම ඇමෙරිකානු ජාතික කාන්තාවක වන මේගන් රජ පවුලේ සමහර සාම්ප්‍රදායික චාරිත්‍ර එතරම් ගණන් නොගෙන කටයුතු කරන්නියක බවටද නොයෙක් වර චෝදනා එල්ල වුණා. ඇය තරමක් රැඩිකල් අදහස් ඇති කෙනකු හැටියටයි සැලකෙන්නේ. මේ දිනවල නැවතත් ඔවුන් දෙදෙනා කේන්ද්‍ර කරගෙන යම් ආන්දෝලනයක් මතුව ඇති ආකාරයක් දකින්න පිළිවන්. මෙවර මෙම ආන්දෝලනය මතුව ඇත්තේ හැරී සහ මේගන් ඔවුන්ගේ නත්තල් නිවාඩුව රජ පවුල සමඟ ගත නොකරන්නට තීරණය කර තිබීමත් සමඟයි.

පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙවර නත්තල් නිවාඩුව ඔවුන් මේගන්ගේ මව වන ඩෝරියා රැග්ලෑන්ඩ් සමඟ ඇමෙරිකාවේ ගත කිරීමට තීරණය කර ඇති බවයි. සාමාන්‍යයෙන් රජ පවුලේ කවුරුත් නත්තල් නිවාඩුව ගත කරන්නේ මහ රැජන සමඟ එක්ව ඔවුන්ගේ සැන්ද්‍රින්ගම් මාලිගයේයි. නමුත් මෙවර හැරී සහ මේගන් මෙම සම්ප්‍රදාය කැඩීමට සූදානම් වන බවයි පෙනෙන්නේ. මොවුන් දෙදෙනාගේ කලුඳුල් දරුවා වන ආචි ඉපදීමෙන් පසු ඔවුන් ගත කරන පළමු නත්තල් නිවාඩුවද මෙයයි. එම නිසා මෙය රජ පවුලට ඒ අතින්ද වැදගත් අවස්ථාවක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. හැරී සහ මේගන් රජ පවුලෙන් වෙන්ව ඇමෙරිකාවේ නිවාඩුව ගත කිරීමට සූදානම් වන්නේ මෙවැනි පසුබිමක් තිබියදීයි. මෙම තත්ත්වය තුළ රජ පවුලේ සම්ප්‍රදායන් ගැන උනන්දුව දක්වන ඇතැම් පාර්ශ්ව හැරී-මේගන් දෙදෙනාගේ මෙම තීරණය විවේචනය කිරීමටත් පියවර ගෙන තිබෙනු දැකිය හැකි වුණා. ඇතැමුන් මතු කර තිබූ තවත් තර්කයක් වූයේ මහ රැජන සහ ඇයගේ සැමියා වන පිලිප් කුමරු ඉතා වියපත්ව සිටින මේ අවස්ථාවේ ඔවුන් සතුටු කරමින් හැරී-මේගන් දෙදෙනාටද රජ පවුල සමඟ නත්තල ගත කිරීමට තිබුණු බවයි.

කෙසේ නමුත් මෙම චෝදනා කෙතරම් සාධාරණද යන්න නිශ්චිතව පැවසීම අපහසුයි. මන්දයත් තම මව සමඟ නත්තල ගත කිරීමට මේගන්ටත් අයිතියක් ඇති බව සැලකිය හැකි නිසා. හැරී සමඟ විවාහ වීමෙන් පසු ගෙවුණු පසුගිය නත්තල් නිවාඩුව ඇය ගත කළේ රජ පවුල සමඟ බවත් අමතක කළ නොහැකියි. කෙසේ හෝ වේවා, හැරී සහ මේගන් ඔවුන්ගේ දරුවාද සමඟ වෙනම නත්තල් නිවාඩුව ගත කිරීම ගැන මහ රැජනගෙන් විරෝධයක් පළවී නැති බවත් සඳහන් වෙනවා.

සනත් වික්‍රමගේ


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements