Featured News

Video Gossip

Advertisement

රාජපක්ෂලා ග්‍රාමීය ප්‍රදේශ වල දේශපාලනය කියවීමට අතිශය දක්ශ වනවා සේම රනිල් මුලු රටේම දේශපාලනය කියවීමෙහි අති දක්ෂයෙකි.

රනිල් පලමු තුරුම්පුව ඇද්දේය. එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියත්වය රදවා ගැනීමට රනිල්ට වුවමනා විය.

ඔහු විටින් විට තුරුම්පු ගැසුවේය. විටෙක සජිත් ජනාදිපති කරලියට ගෙනාවේය. විටෙක කරූ ජනාදිපති කරලියට ගෙනාවේය. විටෙක පාඨලීව ජනාදිපති කරලියට ගෙනාවේය. විටෙක ඔහුම ජනාදිපති කරලියට ආවේය.
රාජපක්ෂලා අනාත විය. රනිල් කුමක්ද මේ කරන්නෙ. ඔවුන්ට සිතා ගැනීමට වත් නොහැකි විය. රනිල් යනු සියවසේ සුපිරිම දේශපාලන ගේම් කාරයා බව මහින්ද දනී.

සජිත්,කරූ,පාඨලී,රනිල් යන ජනාදිපති අපේක්ෂක නම් අතර රාජපක්ෂලා වටේ යැව්වේය. ඔව්... වටේ යැවීමත් මේ ගේම් එකේම කොටසකි. රාජපක්ෂලා නන්නත්තාරය. මඩ ගහන්නෙ කාටදැයි හිතා ගැනීමට නොහැකි තරමට ඔවුන් අසරණ විය.

එක්සත් ජාතික පක්ෂයට නැති මාධ්‍ය ජනප්‍රියත්වය ඔහු ලබා ගත්තේය. සෑම මාධ්‍යම හැම වෙලේම බැලුවේ අපේක්ෂකයා කවුද යන්නය. ඔව්... ඔහු අතිශය සාර්ථකය.

අවසානයේ අවශ්‍යම වේලාවට ඔහු ඔහුගේ අපේක්ෂකයා ඉදිරියට දැමුවේය. සජිත්... සජිත්ව හැදුවේ රනිල් ය. සජිත්ව හිට් කරේ රනිල්‍ ය. රාජපක්ෂලාට මේක තේරුම් යන විට පරක්කු වැඩිය.

ගෝඨව කලින් ගෙනත් රාජපක්ෂලා කර ගත්තේ වරදක් බව ඔවුන්ට පැහැදිලි විය. නමුත් පරක්කු වැඩිය. ගෝඨාභයගේ ජනප්‍රියත්වය ගිලිහී යමින් තිබිණි.

රාජපක්ෂල සිතුවේ ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි භාවය අහියෝගයට ලක් වේය කියාය. ඔවුන් ආදේශ අපේක්ෂකයා ඉදිරිපත් කළේය. චමල්. අහෝ කිසිම චෝදනාවක් ඉදිරිපත් වූයේ නැත. රනිල් නිහඩය. අපේක්ෂකයා ගෝඨාභයම විය.

රනිල් නිහඩය. රනිල්ගේ නිහඩ බව ගුප්ත බව රාජපක්ෂලා දැන සිටියේය. රනිල් හදපු සෙල්ලමේ රාජපක්ෂලා වීරයන් සේ සෙල්ලම් කළේය. හැබැයි ගේම් එක අවසන් වෙන්නෙ රනිල් හදපු විදියට කියල රාජපක්ෂලා දැන නොසිටියේය.

ඡන්දයට ආසන්නව ඇත. රනිල් අවසන් තුරුම්පුව ගැසුවේය.

"ද්විත්ව පුරවැසියෙකුට මේ රටේ ජනාධිපති විය නොහැක"

රාජපක්ෂලාට තේරුම් ගියේ දැන්ය. රනිල් ගේම් එක ගහල අවසන් බව තේරුම් ගියේය. කිරීමට කිසිවක් නොමැත.

ගෝඨාභය දින්නත් පැරදුනත් ගෝඨාභයට රටේ ජනාදිපති විය නොහැක.

රනිල්ගේ නිහඩ බව ගුප්ත බව රාජපක්ෂලාට නැවත නැවත මතක් වේ. අවාසනාව රනිල් ගේම් එක ගසා අවසානය.

රාජපක්ෂලාගේ චාරිකාව මෙසේ අවසන් වේ.
රනිල් යනු දේශපාලනයේ පරිණතම දේශපාලකයා බව මනාව දැනුවත් වී හමාරය.

දේශපාලනය යනු කලාවක් නම් රනිල් එහි පිකාසෝය.

රනිල් වෙත්තසිංහගේ බුකියෙන්....

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements