Featured News

Video Gossip

Advertisement

ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව පැවසුවේ අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවේදිය.

මෙම හමුව (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණි.

එහිදි පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කලේ නව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා හට ඉදිරියේදි රට සංවර්ධනය කිරිමටත්,සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමටත් ඉදිරි මහ මැතිවරණයෙන් පත්වන නව ආන්ඩුවට ශක්තිමත් තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බවත් එම තුනෙන් දෙකක බලයක් සහිත නව ආණ්ඩුවක් නිර්මාණය කිරිම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදි කැපවී ක්‍රීයා කල යුතු බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ද එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව විවිධ අදහස් ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements