Advertisement

ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාව සම්බන්ධ කරගෙන ගොතන ලද කුමන්ත‍්‍රණය කවුරුන් කළත් මහා මෝඩ ක‍්‍රියාවක් බව තමා පිළිගන්නවා යැයි එක්සත් ජාතික පක්‍ෂ කැලණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරා මහතා පැවසීය.
ප‍්‍රශ්නය – මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාව ඔබේ පුතාගේ බිරිඳ කියා කතාවක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

පිළිතුර – මගේ පුතා මාධ්‍යයට කියා තිබෙනවා ඒ කාන්තාව එයාගේ නියෝජිතවරියක් කියලා.

ප‍්‍රශ්නය – එහෙනම් ලොකු සම්බන්ධයක් තියෙනවානේ?

පිළිතුර – කට වැරදිලා කියපු කතාවක්

ප‍්‍රශ්නය – එක්සත් ජාතික පක්‍ෂයේ හැමෝටම කට වරදිනවා. අපි කියන්නේ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව පැහැර ගෙන යෑමේ සිද්ධිය කුමන්ත‍්‍රණයක්.

පිළිතුර – ඔව්. වෙන්ඩ පුළුවන් මේ කුමන්ත‍්‍රණය කවුරු කළත් මහා මෝඩ වැඩක්.

හැබැයි මගේ පුතාගේ බිරිඳ එයා නෙමේ. මම මේ පිළිබඳව මාධ්‍ය හමුවක් තියා කියනවා.

ප‍්‍රශ්නය – එතකොට ඔය ප‍්‍රශ්නය තවත් දුරදිග යයි නේද?

දැන් ඔය කුමන්ත‍්‍රණය සංවිධානය කළ අය පැත්තකට වෙලා ඉන්නවා. ඔබටයි දැන් මේ මඩ නාගන්න වුණේ.

පිළිතුර – ඒක තමයි මං ඔය කුමන්ත‍්‍රණය මහා මෝඩ වැඩක්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements