Featured News

Video Gossip

Advertisement

වැට් බද්ද හා විදුලි සංදේශ බද්ද අඩු කිරීමෙන් හා උපයන විට ගෙවීමේ බද්ද අය කරන සීමාව ඉහළ දැමීමත් නිසා ජනතාවගේ ආදායම් තත්ත්වයේ යම් ඉහළ යාමක් ඇති වන බවත් සේවා සහන සැලසෙන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව දුරකථන ගාස්තුවල හා අත්‍යවශ්‍ය නොවන සියලු භාණ්ඩවල මිල යම් පමණකින් අඩුවන බවද මාසික වැටුපෙන් උපයන විට ගෙවීමේ බදු කපා හැරීම අහෝසි වන බවද මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්. අලිහසන් මහතා කියයි.

වැට් බදු සියයට 15 සිට සියයට 8 දක්වා අඩු කිරීම මගින් රෝහල් ගාස්තු, චැනලින් සේවා ගාස්තු, වාහන මිල, රක්ෂණ ගාස්තු, හෝටල් ගාස්තු, රූපාලංකාර ද්‍රව්‍ය හා උපකරණ, විදුලි භාණ්ඩ ඇතුළු සියළු ආනයන ද්‍රව්‍ය මිල අඩු වීමට නියමිතය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වශයෙන් සැලකෙන හාල්, පරිප්පු, පිටි, හාල්මැස්සන්, කරවල, ටින්මාළු සඳහා මිල අඩුවීමක් මේ යටතේ සිදු නොවේ. විදුලි සංදේශ බද්ද අඩු කිරීම මගින් මෙතෙක් ජංගම දුරකථන කාඩ් පත් සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය ද අඩු වී ඇත. අඩු කෙරෙන මුදල් ප්‍රමාණය තවම ගණනය කර නැත. මෙම බදු සහනවලට අදාළ ගැසට් පත්‍රය ළඟදීම නිකුත් කෙරෙනු ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements