වත්මන් ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් නොකරන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා (10) රාති‍්‍රයේ පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
MCC ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණි ලොකුගේගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ අදාළ ගිවිසුම අත්සන් තැබීම කෙරෙහි අවධානයවත් යොමු කර නොමැති බවයි.
කෙසේ වෙතත් විපක්ෂ කන්ඩායම් දිගින් දිගටම ව්‍යාජ ප්‍රචාර ගෙනයමින් කියා සිටියේ වත්මන් ආන්ඩුව අදාල ගිවිසුම හොර රහසේ අත්සන් තැබීමට සූදානම් බවයි.

