Advertisement

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ තීරණය ඉදිරි සති කිහිපයේදී ලබාදෙන බවට සිංගප්පූරු රජය දැනුම්දී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පවසා සිටියේ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිංගප්පූරු රජයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කරන ලෙස ඉල්ලා තිබුණු බවත්, ඊට ප්‍රතිචාර ලෙස සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව එම නීතිමය කටයුතු නිමා කරමින් තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එසේම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන නියමනයන් අනුව නීතිමය කටයුතු සිදුවන බවත්, මහබැංකු වංචාවේ වරදකරුවන්ට නෛතික ප්‍රතිපාදන යටතේ දඬුවම් ලබාදීමට වත්මන් රජයේ පැහැදිලි අවධානය යොමුවී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements