Advertisement

ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මිසයිල ප්‍රහාර දහයකට වැඩි ප්‍රමාණයක් එල්ල මෙන්ම මෙහිදී එල්ල කර ඇති අතර ප්‍රහාරය ඉරානය විසින් එල්ල කර ඇත්තේ තම හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

මේ හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය ගැන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඇමරිකානු ආරක්ෂක උපදේශකයන් සමග සාකච්ඡා කරමින් සිටී.

ඉතා ඉක්මනින් ඔහු ජාතිය ඇමතීමට ද නියමිත ය.

මේ අතර ඉරානයට ඕනෑම මොහොතක පහරදීමේ සූදානමින් ශ‍්‍රී ලංකාවට දකුණු දිගින් පිහිටි දියාගෝ ගාෂියා් දූපත ආසන්නයෙන් ඇමරිකානු ගුවන් ප්‍රහාරක යානා බලඇණියක් ස්ථානගත කරවීමට දැනටමත් කටයුතු කර ඇත.

ඉන්දියානු සාගරයට බෝම්බ හෙලන යානා 06ක් අමෙරිකාවෙන් එවයි.

මැදපෙරදිග හා පැසිෆික් කලාපයේ මෙහෙයුම් සඳහා උපායමාර්ගික ස්ථානයක් වන ඉන්දියානු සාගර කලාපයේ ඩියෙගෝ ගාර්සියා දූපත වෙත අමෙරිකාව සිය B-52 වර්ගයේ බෝම්බ හෙලන ගුවන් යානා 06ක් එවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පෙන්ටගන් බලධාරීන් මේ සම්බන්ධයෙන් සඳහන් කර සිටියේ දිගු දුර බෝම්බ හෙලන යානා සහ වෙනත් ගුවන් බෝම්බ ප්‍රහාරක යානා ඉන්දියාවේ සාගර කලාපය වෙත පිටත් කර ඇත්තේ යම් හෙයකින් ඉරානයට එරෙහිව යුධ මෙහෙයුම් සිදුකිරීමට නියෝග ලැබුනහොත් ඒ සඳහා යොදා ගැනීමේ අරමුණින් බවයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements