Featured News

Video Gossip

Advertisement

මම ආපහු ගෙදර එනකොට ඩොක්ටර් කෙනෙක් වෙලා
දුක්විඳපු කාලේ ඉවරයි. 
තව මාස තුනකින් මේ හැමදෙයක්ම පිළිවෙළක් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයෙහි අවසන් වසර ශිෂ්‍යාවක ලෙස අධ්‍යයන කටයුතුවල නිරතව සිටිය දී ඝාතනයට ලක්වූ හපුහෙට්ටිගේ දොන් රෝෂණී කාංචනා සිසුවිය අවසන් වරට තම නිවසින් පිටව ගොස් ඇත්තේ අහිංසක ප්‍රර්ථනාවකින් බව ඇගේ පියා පවසනවා.

“මම ආපහු ගෙදර එනකොට ඩොක්ටර් කෙනෙක් වෙලා තමයි එන්නේ. එතකොට අම්මයි තාත්තයි දුක්විඳපු කාලේ ඉවරයි. තව මාස තුනකින් මේ හැමදෙයක්ම පිළිවෙළක් වෙයි. එතකල් අම්මයි තාත්තයි පරිස්සමින් ඉන්න…’’ යැයි කියමින් මව්පිය දෙපා නැමැද රෝෂණී නිවසින් පිටව ගොස් තිබෙනවා.

පාසල් වියේ පටන් රෝෂණීගේ මිතුරකු වූ මද්දුමගේ දොන් එරංග දිලිප් කුමාර සමග ඇය කාලයක පටන් පෙමින් බැඳී සිටිය ද රෝෂිණීගේ මව්පියෝ මුල සිටම මෙම සම්බන්ධයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර එරංග රෝෂණී සමග නිතර දුරකථනයෙන් අඩදබර කරගත් බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය නිසාම රෝෂණී, එරංග සමග විවාහවීමට කල්පනා කළේ මානසික සුවය පතා කළ හැකි වෙනත් විසඳුමක් පෙනෙන තෙක් ​ මානයේ නොතිබූ බැවිනි. රෝෂණීගේ දෙමාපියන්ගේ අකමැත්තෙන් වුවද ඔවුන් මීට වසර දෙකකට පෙර යුග දිවියට පා තැබුවේය.

සැමියාගෙන් එල්ල වූ කුරිරු බාධක නිසාවෙන්ම යළි තම මව්පියන් සමග ජීවත්වීමට කල්පනා කළ රෝෂණී සැමියාගෙන් වෙන්වීමට තීරණය කර ඇති අතර ඊට දැඩි ලෙස විරුද්ධ වූ එරංග කීපවතාවක්ම රෝෂණීගේ නිවසට පැමිණ හා මගතොට දී ඇය සමග බහින්බස්ව තිබුණා.

තම සොහොයුරා වන රොෂාන් කලණ (27) මෙම ගැටුම්වලට මැදිහත් වෙතැයි රෝෂණී සිතූ බැවින් ඇයට අවශ්‍ය වූයේ සැමියාට එරෙහිව පොලිසියට පැමිණිලි කිරීමට නොව ඔහුගෙන් දික්කසාද වීම පමනක් වන අතර රෝෂණිගේ සොයුරාද වෛද්‍ය විද්‍යාලයේ සිසුවකු වනවා.

යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය පුහුණුව ලබමින් සිටි රෝෂණී නව වසරේ නිවාඩුවට මව්පියන් බලන්නට පසුගියදා ගමට පැමිණියා.

දින කිහිපයකට පසු ඇය යළිත් අධ්‍යාපන කටයුතු සඳහා පසුගිය ඉරිදා සවස නිවසින් පිටත් වූයේ නැවත නිවසට පැමිණෙන රෝෂණී වෛද්‍යවරියගේ දසුන් මව්පියන්ගේ සිත්තුළ ජනිත කරවමිනුයි.

‘මගේ දරුවෝ දෙන්නම වෛද්‍ය විද්‍යාලයට ගියා මේ මියගිහින් ඉන්නේ මගේ පුංචි දුව රෝෂණී. එයාව මේ තත්ත්වයට ගේන්න මම ගොඩාක් දුක් වින්දා. ඒත් අද ඒ හැමදේම නැතිවෙලා. අපි හැමවෙලාවේම දුවගේ කැමැත්තට ඉඩ දුන්නා. එයාගේ කසාදෙත් එයාට කැමැති විදිහටයි සිදුවුණේ. දුව ගත්තු තීරණ හැමදේම වගේ නිවැරදියි. ඒත් කසාදය එයාට වැරදුණා. තව මාස තුනයි තිබුණේ එයාට වෛද්‍යවරියක් වෙලා එළියට එන්න. මගේ දුව හැමවෙලේම හිත හිත හිටියෙත් ඒ ගැනම තමයි. අන්තිමට ගෙදරින් පිටවෙලා යන වෙලාවෙත් අපිට කිව්වේ ආපහු ගෙදර එන්නේ ඩොක්ටර් රෝෂිණි කියලයි.” යනුවෙන් දියණියගේ හදිසි වියෝව දරාගත නොහැකිව ඇගේ පියා හපුහෙට්ටිගේ දොන් දයානන්ද මහතා පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements