Featured News

Video Gossip

Advertisement

සීඩී පට පහ තමන් ඉදිරියේදී මහලේකම්වරයාට භාර දුන්නා
ලදුපතක් නිකුත් කළා
ඒවා භාරදීමට අවශ්‍ය නැතැයි නීති උපදෙස් ලැබීලා

සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට පෙරේදා (22 වැනිදා) භාර දුන් දුරකථන සංවාද පහළොස් දහසක් අඩංගු සීඩී පට පහ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පවසමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් යළි රැගෙන ගොස් ඇතැයි ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පෙරේදා (23 ) මෙම සීඩී පට පහ තමන් ඉදිරියේදී මහලේකම්වරයාට භාර දුන් බවත් ඒ සඳහා මහ ලේකම්වරයා විසින් රාමනායක මන්ත්‍රීවරයාට ලදුපතක් නිකුත් කළ බවත් හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මෙම හඬපට තමන් ඉදිරියේදී භාර දුන් නිසා ඒ මොහොතේම සභාවට පැමිණි තමා ඒ ගැන දැනුම් දුන් බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා.

මහලේකම්වරයා විසින් භාරගත් හඬපට පහ හැන්සාඩ් දෙපර්තමේන්තුවට භාර දීමට ගෙන යද්දී ඒවා භාරදීමට අවශ්‍ය නැතැයි නීති උපදෙස් ලැබී ඇතැයිද කී හර්ෂ ද සිල්වා ඒ සීඩී පට එකක්වත් වැඩ කරන්නේ නෑ කියා රන්ජන් රාමනායක තමන්ට දැන්වූ බවද සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements