Featured News

Video Gossip

Advertisement

රසික ජයකොඩි විසින් රචනා කරන ලද 'දවසක් දා හැන්දෑවක' කෘතිය ජනවාරි මස 25 වැනි දා සවස 3ට කොළඹ 07, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී එළි දකී.

දශකයකට අධික කාලයක් තිස්සේ ඔහු විසින් පුවත්පත්වලට රචිත තෝරා ගත් තීරු ලිපි මෙම කෘතියට ඇතුළත් කොට තිබේ.

ජනමාධ්‍යවේදියෙකු වශයෙන් පුළුල් අත්දැකීම් සහිත රසික ජයකොඩි ඩේලි නිවුස් පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කර ඇති අතර තවත් ප්‍රකාශන ආයතන කිහිපයක ප්‍රධාන තනතුරු හොබවා තිබේ. මේ වන විට ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ සක්‍රීය කාර්යභාරයක් ඉටු කරයි.

'දවසක් දා හැන්දෑවක' කෘතිය හරහා කලාව, සාහිත්‍යය, සංස්කෘතිය හා මානව සබඳතා වැනි විෂයයන් රාශියක් සම්බන්ධයෙන් හෘදය සංවේදී කියවීමක් පාඨකයා වෙත ඉදිරිපත් කෙරේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, ලේඛිකා නර්මදා රණවීර, දේශපාලන ක්‍රියාකාරික මිලින්ද රාජපක්ෂ, ලේඛිකා කත්‍යානා අමරසිංහ, පූජ්‍ය ගුරුගොඩ සිරිවිමල හිමි සහ මාධ්‍යවේදී ෂෙනාල් ගුණසේකර මේ පොත් එළි දැක්වීමේ දී අදහස් දැක්වීමට නියමිත ය.

'දවසක් දා හැන්දෑවක' KSP ප්‍රකාශනයකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements