Featured News

Video Gossip

Advertisement

මවු කිරි දිමට පියයුරු නොමැති කම නිසා
දරුවා ළදරු දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කරා

කලිසමක් හා කමිසයකින් සැරසී මාතර මහ රෝහල වෙත පැමිණ දරුවකු පසුතකළ බව කියන ත්‍රීරෝද රථ රියදුරකු වන පිරිමි මව එම දරුවා භාරගැනීම ප්‍රතික්ෂේපකර ඇතැයි වාර්තාවේ.

එම රෝහලේ ප්‍රකාශකයෙක් ඊයේ (23) දන්වා සිටියේ එම පිරිමි දරුවා හදා වඩා ගැනීමට කැමැති දෙමාපිය යුවළකට බාරදෙන ලෙසට එම රියැදුරා පොලිසියෙන් ද ඉල්ලීමක් කර ඇති බවයි.

රැවුලක් ද වවාගෙන ඉකුත් 21වැනි දින බඩේ කැක්කුමකට ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථාවේ දී එම රියැදුරු මෙම දරුවා ප්‍රසූත කර තිබුණි.

දරුවාට මවු කිරි දිමට පියයුරු නොමැති කම නිසා එම දරුවා ළදරු දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර පිටි කිරී දීමට රෝහල් කාර්යමණ්ඩලය කටයුතු කර තිබේ. මේ අතර දරු ප්‍රසූතිය සිදුකළ එම රියැදුරුගේ සුවදුක් බැලීම සඳහා යාමට අවසර ලත් අයට පමණක් ඉඩකඩ ලබාදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.
පිටස්තර අය ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා රෝහල් ආරක්ෂකයකු ද යොදවා තිබේ.

මාතර නගරයට නුදුරු ගමක පදිංචි පිරිමියකු මෙන් පෙනී සිටි එම රියැදුරු කාන්තාවක බව අනාවරණය වූයේ මෙම දරු ප්‍රසූතියට ආසන්න වූ වේලාවේ දිය. එම රියැදුරු සමග සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ අයකුගෙන් එම දරු ගැබ හට ගන්නට ඇති බවට සැක කෙරේ. බැලු බැල්මට කඩවසම් තරුණයකුගේ පෙනුමක් තිබුන මෙම රියැදුරුට රූමත් පෙම්වතියක ද සිට ඇති බව පොලීසිය කියයි.කෙසේ වෙතත් මේ පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කර අදාළ දරුවා සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා ගැනීමට නියමිතව තිබුණි.

මාතර -ක්‍රිෂාන් ජීවක ජයරුක්-

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements