Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් සහ හිටපු අමාත්‍ය සහ පක්ෂයේ සභාපති කබීර් හෂීම් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඊයේ (16) මතුවූ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.


ජනාධිපතිවරණයේ දී පරාජයට පත්වූයේ අකිල විරාජ් කාරියවසම් මහතා නිසා බව කබීර් හෂීම් මහතා සිරිකොත දී චෝදනා කර තිබුණා.

ඊට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය මෙහෙයවීම සිරිකොතින් සිදු නොවූ අතර මලික් සමරවික්‍රම වැන්නවුන් ඊට වගකිව යුතු බවයි.

පසුව දෙදෙනා වාදයකට පැටලී ඇති අතර එය උණුසුම් මුහුණුවරක් ගත් බවයි වාර්තා වන්නේ.

එකඟතාවකින් තොරව එජාප රැස්වීම අවසන්

මේ අතර ඊයේ පැවති නායකත්වය සම්බන්ධයෙන් එකඟතාවකින් තොරව අද පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ලබන සතියේ රැස්වීමට තීරණය කළ බව නවීන් දිසානායක මහතා පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements