Advertisement

හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ ගුවන්යානා අනතුරින් මියගිය නියමුවන් දෙදෙනා හා සැරයන්වරුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් හට රුපියල් කෝටි හතරහමාරක පමණ වන්දි මුදලක් ගෙවා තිබෙනවා.

ගුවන් නියමුවන් රක්ෂණය කළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයෙන් ලැබෙන වන්දි හා වැන්දඹු අනත්දරු ඇතුළු රජයේ සේවකයන් හට ලැබෙන වරප්‍රසාද සියල්ල මේ සඳහා අයත් වී ඇති බව වාර්තා වනවා.

මෙම නිලධාරීන් හට රජයේ සේවකයන් ලෙස ලැබිය යුතු සියලු වරප්‍රසාද නොපමාව ලබාදීමට කටයුතු කර ඇති බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සඳහන් කළා.

ගුවන් හමුදාවට අයත් වයි 12 යානය අනතුරට ලක්වීම සම්බන්ධව ගුවන් හමුදාපති නියමයෙන් වෙනමම විමර්ශනයක් දැනට සිදු වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements