Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ ප්‍රබලයන් කලබල වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
රන්ජන් ගේ හඬ පට වලින් දේශාපලන වාසි ගන්නට උත්සාහ කළ ආණ්ඩුවේ ලොක්කන් දැන් එන තත්වය නරක බව අවබෝධ වී තමන්ගේ හඬ පට එළියට ඒම වළක්වා ගැනීමට ලොකු මෙහෙයුමක නිරත වී සිටින බව ද ඔහු පැවසීය.

ඔහු බව සඳහන් කළේ අනුරාධපුරයේ ජවිපෙ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රාමනායක මන්ත්‍රීවරයා සතුව මහින්ද රාජපක්ෂ මහතාගේ හඬ පට අටක් ඇති බව කී බවත් ඒවාද මාධ්‍ය විසින් ප්‍රසිද්ධිය ලබා දිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සිටින පිරිස් දැන් දැන් තමන්ගේ හඬ පට එළියට ඒම වළක්වා ගැනීමට මෙහෙයුමක් සිදු කරන බවද පැවසූ ඔහු රාමනායක මන්ත්‍රීවරයා විසින් තමන්ගේ සියලු හඬ පට්ට පාර්ලිමේන්තුවේ සභාගත කිරීම හොඳ දෙයක් බවද කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements