Advertisement

කොරෝනා මහා රැල්ලකට රජය සූදානම් වේ. 
ඔක්සිජන් රැස් කරයි
IDH රෝහලේ ICU පිරී යයි

කොලඹ අයි ඩී එච් රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් වීම අලුත් අවුරුද්දට පසු ඉහල ගොස් ඇතැයි එම රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

මෙම කාලයේදී කොරෝනා ආසාදිතයන් 150 අලුතින් රෝහලට ඇතුලත් වී සිටින බවද රෝහල් අධ්‍යක්ෂ හසිත අත්තනායක මහතා පෙන්වා දෙයි.

අද වන විට රෝහලේ ඇති හදිසි ප්‍රතිකාර ඒකක දෙකම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවත් ඔහු පැවසීය.
කොරෝනා වෛරසය ආසාදිතව ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් ගණන 140 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, එම රෝහලට ඇතුළත් කරගත හැකි රෝගීන් සංඛ්‍යාව මේ වනවිට උපරිම මට්ටමට පැමිණ ඇති බවයි එම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ.

දැනට නේවාසිකව ප‍්‍රතිකාර ලබන පිරිස අතරින් යම් පිරිසක් සුව අතට හැරී වෛරසය නොමැති බවට තහවුරු වන තෙක් රඳවාගෙන සිටින අය බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සඳහන් කළා.
කොරෝනා වසංගතය ලංකාව පුරා පැතිරීම පාලනය කරමින් මෙය මර්දනය කිරීමට දැඩි උත්සාහයක නිරත වෙන කණ්ඩායම් අතර IDH රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රධාන තැනක් ගන්නවා. කොරෝනා වෛරසයට ගොදුරු වුන වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන රෝහල එය වීම විශේෂත්වයක්.

මේ වෙද්දී වෛරසයට ගොදුරු වුණ සැලකිවයුතු ප්‍රමාණයක් දෙනා සම්පූර්ණ සුවය ලැබුවේද මෙම වෛද්‍ය කාර්යමණ්ඩලයට පිංසිදුවන්නට බව රහසක් නොවේ. 

මේ නිසාම තමන්ගේ ජීවිත අවධානමේ හෙලමින් රෝගීන්ගේ ජිවිත වෙනුවෙන් කැපවෙන ලංකාව පුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතරේ IDH පිරිස හැමෝගෙම අවධානය දිනාගත්තා. මොවුන් කිසිවෙක් ගැන ලොකු සඳහනක් නොවුනත් මුළු රටක් ඔවුන්ට ආශීර්වාද කරන්නට වුනේ මේ කැපකිරීමට කෘතගුණ දැක්වීමක් වශයෙන්.
දඹුල්ලෙදි  වෛද්‍යවරයා උගුරේ සෙම් ගෙඩි හටගෙන ඇති බව පැවසුවා
කොළඹදි වෛද්‍යවරයා පළමුව කිවේ වහාම IDH රෝහලට ඇතුළත් වෙන්නයි
මගේ දරුවා අධ්‍යාපනය ලබන පාසලේදී යම් සිදුවීමක් වී තිබුනා.
ඒ ගැන මා දුකට හා පුදුමයට පත්වෙනවා


නව කොරෝනා රෝග ලක්ෂණයක් යමෙකුට වැළඳී ඇත්නම් ඊට බියවී සැඟවී නොසිට වහා රජයේ රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබාගතහොත් දිවි බේරා ගැනීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ පළමු ලාංකික කොරෝනා රෝගියා වූ මත්තේගොඩ රණවිරු රෝහණ මාවතේ පදිංචි ජයන්ත රණසිංහ මහතා පැවසීය.

මෙහිදී සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති ආරක්‍ෂිත ක්‍රමවේදයන්ද භාවිත කරමින් මෙම අදහස් හුවමාරු කර ගැනිණි. එහිදී ජයන්ත රණසිංහ මහතා ලැබූ අත්දැකීම් අප සමඟ මෙසේ පැවසීය....
ශ‍්‍රී ලංකාවේ සංචාරය කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයන් සිව්දෙනෙකු නව කොරෝනා වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අයි ඞී එච් උණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
කොරෝනා ආසාදිත වූ දෙවන ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සියලු සාමාජිකයන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළු කර තිබෙනවා.
කොරෝනා වැළඳුණු බවට තහවුරු වූ ලාංකිකයා සමග නවාතැන් ගෙන සිටි තවත් අයෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයෙක් හමුව තිබෙනවා.
එම රෝගියා IDH රෝහලේ ප්‍රතිකාර ගන්නා බව වාර්තා වනවා.
කොරෝනා නිසා අයි.ඩී.එච්. ගමේ මිනිස්සුත් ගමෙන් 
යන කොට අපි විතරයි මෙහෙ ඉතුරු වුණේ
දැන් අපි කරන්නේ හරියට හොටෙල් කෝස් එකක් වගේ වැඩක්
දවල්ට කංකුනුයි, රයිස් එකකුයි දෙනවා.

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගී කාන්තාව සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් ඇති බව අයි.ඩී.එච්. රෝහල් ආරංචි මාර්ග පවසනවා.

කොරෝනා කාන්තාවගේ පැමිණීමත් සමග ගමේ ජනතාව වාසස්ථාන හැර යන්නට වූ අතර රෝහලේ සේවකයන් පමණක් තනිව රෝගියා වෙනුවෙන් කළ සටන කිසි දින අමතක නොවන බවයි රෝහලේ සේවකයන් සඳහන් කරන්නේ.

කොරෝනා රෝගී කත රෝහලට රැගෙන පැමිණ ඇත්තේ වෙනදා රෝගීන් රැගෙන එන මාර්ගයේ නොවේ. ඒ සඳහා වෙනත් මාර්ගයක් නිර්මාණය කර තිබෙනවා.
මගේ සංචාරකයන් ඔක්කොම ආවේ වූහාන් වලින්
දුම්රියේ යන්න තිබ්බා කළුතර ඉඳලා කොල්ලුපිටියට. ඒත් ඒක අවලංගු වුණා
මිනිස්සු අනියත බියක් ඇති කරගෙන තියනවා

සුගියදා කොරෝනා ආසාදනය වූ චීන කාන්තාව සම්බන්ධයෙන් ඇගේ සංචාරක මාර්ගෝපදේශිකාව මාධ්‍ය වෙත කරුණු සඳහන් කර තිබෙනවා.

ඇය කවින්දි හංසමාලි නම් වනවා. ඇය චීන කාන්තාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වනු ලැබුවා.

‘ලෙඩ වුනේ මාත් එක්ක ගිය චීන කාන්තාවක්. එයාගෙ නම ලුවෝ යං. 19 වනදා මං ගත්තු ටුවර් එකේදී තමා මේ ගෙස්ට්ව මට හමුවුනේ. විසි දෙනෙක්ගෙන් යුත් කන්ඩායමක තමා මෙයා හිටියේ. 19 ඉඳලා 25 වන තුරු මෙයාට අසනීපයක් තිබ්බෙ නෑ.නමුත් ලංකාවෙන් පිටත්වන දවසේ තමයි මෙයාට උණ හැදුනේ.
මම වාට්ටුවේ හඬමින් සිටිනවා එහි ප්‍රධාන හෙද නිලධාරිනිය දැක්කා. ඇය මා දිනපතාම දිරිමත් කළා
දින කීපයකට පස්සේ ඇය කිව්වා මට ගෙදර යන්න පුළුවන් කියලා.

මේවන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාව තමාට සුවය ලබා ගැනීමට උපකාර කළ සෞඛ්‍ය අංශ වෙත ස්තූතිය පළකරමින් අදහස් දක්වා තිබෙනවා.

ඇය මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ චීනයේ භාවිත කෙරෙන වී චැට් (we chat) තාක්ෂණය ඔස්සේයි.

තමන් නිසා ශ්‍රී ලංකාවට සිදුවූ අපහසුතාව පිළිබඳව සමාව ඉල්ලීමටද මෙහිදී ඇය කටයුතු කර තිබුණා.

ඇය වී චැට් ඔස්සේ මෙසේද අදහස් දක්වා තිබුණා.

“මම මුලින්ම රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ සියලුදෙනා මං ගැන බය වෙලයි හිටියේ. මමත් බොහොම කලබල වුණා. මම දැනුවත්ම නෙමෙයි මට මේ ලෙඩේ හැදුණේ. ඒ නිසා ලංකාවට ඇතිවුණු කරදරය ගැන මම සමාව ඉල්ලනවා. මටම තවම විශ්වාස කරන්න බැහැ මට අසනීප වුණා කියලා.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට මීගමුව රෝහලේ සිටි ගුවන් සේවිකාවන් දෙදෙනකු සහ චීන දැරියක අයි.ඩී.එච්. 
කොරෝනා වෛරස් රෝගීන් බවට සැකකරන රෝගීන් අයිඞීඑච් රෝහලට ඇතුළත් වීම නිසා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය ඊයේ (29) අසනීප නිවාඩු වාර්තා කර රෝහලට නොපැමිණීමෙන් ප‍්‍රතිකාර කටයුතුවලට බාධා එල්ලවී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සඳහන් කළා.

රෝහලේ වෛද්‍යවරුන් 15 දෙනකු ඊයේ ප‍්‍රතිකාර ලබා දීම සඳහා පැමිණ ඇතත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එක් අයෙකු හැරෙන්නට අනිත් පිරිස අසනීප නිවාඩු වාර්තා කිරීම නිසා රෝහල තුළ රෝගීන් රැගෙන යෑමේ ගැටලූ මතු වී තිබූ බව ද වෛද්‍ය අලූත්ගේ මහතා සඳහන් කළා.

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් රෝහල් ගත කළ චීන ජාතික කාන්තාව තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලැබීමේ අවශ්‍යතාවයක් නැතිබව අංගොඩ පිහිටි IDH රෝහලේ විශේෂඥ ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කර සිටිනවා.
නව කොරෝනා වෛරසය වැළැඳී ඇති බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයින් දසදෙනකු මේ වන විට අංගොඩ අයි. ඩී. එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය අසාදනය වූ පුද්ගලයෙක් අද (27) දින වාර්තා වූ බව නිළ වශයෙන් වාර්තාවනවා
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන ශ්‍රී ලාංකික කාන්තාවන් සහ ශ්‍රී ලාංකික කාන්තාවක් අයි.ඩී.එච් පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements