Advertisement

රිමාන්ඩ් භාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පුත්‍රයාගේ විවහ මංගල උත්සවයට සහභාගිවීම සඳහා ඒ මහතාට පසුගියදා (01) බන්ධනාගාරයෙන් අවසර ලැබී නොමැත.

ඒ මහතාගේ පුත්‍රයාගේ විවහ මංගල උත්සවය ඊයේ කොළඹ හෝටලයක පැවති අතර එහි සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් කිරීමට ඔහුට නියමිතව තිබිණි.

මෙම අවසරය ලබා ගැනීම සඳහා සැකකාර පොලිස්පතිවරයා වැලිකඩ බන්ධනාගාරයෙන් අනුමැතිය ඉල්ලා තිබුණේ මීට සති කිහිපයකට පෙරය.

මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්දුල ජයසිංහ මහතාගෙන් විමසූවිට ඒ මහතා කියාසිටියේ කිසිඳු සැකකරුවෙකුට හෝ සිරකරුවෙකුට තම මව්පියන්ගේ මරණ වලට සහභාගී වීම හැරුණු විට මංගල උත්සව හෝ වෙනත් කිසිඳූ උත්සවයකට සහභාගි වීමට බන්ධනාගාර අඥා පනතේ ප්‍රතිපාදන නොමැති බවය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements