Featured News

Video Gossip

Advertisement

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සදාචාරාත්මක හා ආගමික වශයෙන් අපහාසාත්මක අදහස් දැක්වීම සහ පොස්ට් පළ කිරීම නැවැත්වීම සඳහා නව නීති හඳුන්වාදීමට ආරක්ෂක අමාත්‍යාංශය සූදානම් වනවා.

ඒ අනුව ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් ආදී මෙරට ක්‍රියාත්මක සමාජ මාධ්‍යජාලා ඔස්සේ සිදු කරන එවැනි පළකිරීම් එම මොහොතේම වාරණයට ලක් කිරීමේ නව නීති හඳුන්වාදීමට යෝජිතයි..

මේ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන, සයිබර් ආරක්ෂණය හා තර්ජන වැළැක්වීම සඳහා පුළුල් රාමුවක් ස්ථාපිතකිරීම සඳහා සම්පාදිත සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පතට ඇතුළත් කරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් කමල් ගුණරත්න මහතා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (23) කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී කැඳවා තිබූ සාකච්ඡාවකදී පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරීන් අනාවරණය කර ඇත්තේ කෙටුම්පත් කරන ලද අදාළ පනත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින බවයි.

රජයට එරෙහි සයිබර් අපරාධ වැළැක්වීම, ක්‍රෙඩිට් කාඩ්පත් වංචා, අසභ්‍ය කරුණු, වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළුවීම්, අන්තර්ජාලය හරහා බුද්ධිමය දේපොළ සොරකම් කිරීම් වැළක්වීම යෝජිත සයිබර් ආරක්ෂණ පනතේ මූලික අරමුණ වී තිබෙනවා.

මෙම කෙටුම්පතට අපහාස වැළැක්වීමේ ප්‍රතිපාදන එක්කිරීම ඔස්සේ දැනට ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යජාලා විසින් සිදු කරන එවැනි දෑ වැළැක්වීමේ වැඩපිළිවෙළ එම ආයතන සමග එක්ව වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට යෝජිතයි. මේ අතර මෙම නව පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂණ ඒජන්සිය නම් නව ආයතනයක් පිහිටුවීමටද යෝජනා වී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements