Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානය ‘‘හංසයා’’ ලකුණෙන් ඉදිරිපත් නොවී ‘‘අලියා’’ ලකුණෙන්ම ඉදිරිපත් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී තිබෙනවා.

‘හංසයා’’ ලකුණ දරන දේශපාලන පක්ෂය වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට අයත් පක්ෂයකි.

එම ලාංඡනය මත සන්ධානය බිහි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමට කාලයක් නොමැති බව එම මන්ත්‍රීවරු සහ දේශපාලන පක්ෂ පෙන්වා දී තිබෙනවා.

තවද, මෙම ලාංඡනය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්ව අනාගතයේදී ගැටලුකාරි තත්ත්වයක් ඇති වුවහොත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර පිළිබඳව සහතිකයක් නොමැති බවද ඔවුන්ගේ තර්කය වී තිබුණා.

එම නිසා පවතින නීතිමය ගැටලු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡා කර අද (17 වැනිදා) දින වන විට වාර්තාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නීතිඥ මණ්ඩලයට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements