Advertisement

කල් බදු පදනම යටතේ නාගරික සංවර්ධන අධිකාරියට වාහන 28ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

රුපියල් කෝටි 33ක මුදලක් මේ සඳහා වැය කිරීමට නියමිතයි.

මෙම වාහන ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ දැනට අධිකාරියේ නිලධාරින් සඳහා කුලී ගෙවීමේ පදනම මත ලබාගෙන ඇති වාහන වෙනුවට යොදා ගැනීමටයි.

දැනට නාගරික සංවර්ධන අධිකාරියේ භාවිතා වන වාහන වලින් 45 කුලීපදනම මත ලබාගෙන තිබෙනවා.

තම පෞද්ගලික වාහන නිල වාහන ලෙස භාවිත කරන නිලධාරීන් 28 දෙනෙකු සඳහා ප්‍රවාහන දීමනා ලෙස වසරකට රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක මුදලක් අධිකාරිය වැය කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements