Featured News

Video Gossip

Advertisement

ත්‍රිකුණාමලය වරායේ නෞකා සඳහා සේවා පහසුකම් සපයන යාත්‍රාවක්වු ‘ගැක් ෂිප් 02’ ක යාත්‍රාව ඊයේ (25) රාත්‍රී වරාය පරිශ්‍රයේදි පුද්ගලයන් අට දෙනෙකු සමග අනතුරට පත්ව ගිලී ගොස් තිබෙනවා.

නමුත් නාවික හමුදාව මැදිහත්ව එම යාත්‍රාවේ සිටි පුද්ගලයන් මුදා ගත් බව වරාය පොලිසිය පැවසුවා.
ඇතුළු වරායේ පිහිටි චැපල් දුපතට යාබද රොක් පොයින්ට් ස්ථානයේ පිහිටි ගලක වැදිමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථා‍වේ මෙම යාත්‍රාවේ නාවික හමුදා නිලධාරියෙක් හා කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් හත් දෙනෙක් සිටියා.

අනතුරින් යාත්‍රා බදට හානි විම නිසා යාත්‍රාව තුළ ට ජලය ඇතුළුවිමත් සමග යාත්‍රාවේ නියමුවා නාවික හමුදාව දැනුවත් කර තිබුණා.

අනතුරුව නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවක් මගින් අනතුරට පත් යාත්‍රාවේ කාර්ය මණ්ඩලය හා නාවික හමුදා නිලධාරියා බේරා ගැනුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements