Advertisement

විවෘත වෙළෙඳපොළේ පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 85ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොල් ත්‍රිකෝණයෙන් බැහැර දිවයිනේ ප්‍රධාන නගර උප නගරවල පොල් මිල මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.

කුඩාම ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 40 දක්වා ඉහළ ගොස් ඇති අතර සාමාන්‍ය පොල් ගෙඩියක මිල රුපියල් 80ත් 85ත් අතර දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඊයේ (18 ) දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට පොල් ගෙඩි දස දහසක් පමණ ලැබුණ බව එහි වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා කියා සිටියා. දඹුල්ල තොග වෙළෙඳපොළේ පොල් ගෙඩියක තොග මිල රුපියල් 65ක් දක්වා වැඩිව තිබෙනවා.

පවතින පොල් හිඟය උත්සව සමයේදී තවදුරටත් උග්‍ර වනු ඇති බවත් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවත් පොල් ඉ​ඩම් හිමිකරුවෝ සහ පොල් තොග වෙළෙන්දෝ පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements