Featured News

Video Gossip

Advertisement

ජපානයේ නංගුරම්ලා තිබු ඩයමන්ඩ් ප්‍රින්සස් සංචාරක මගී නෞකාවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා රැගෙන ඒමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් මෙම නෞකාව ජපානයේ නැංගුරම්ලා තැබීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා.

දින 14ක නිරෝදාන ක්‍රියාවලියකින් අනතුරුව නෞකාවේ සිටි කොරෝනා ආසාධිත නොවූ පුද්ගලයින් යලි සිය රට රැගෙන යාමට අමෙරිකාව ඇතුළු රටවල් ඉකුත් සතියේ සිට පියවර ගනු ලැබුවා.
ඒ අනුව එම නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනාද, ඉන්දියානු ජාතිකයින් 119 දෙනෙක් ද , නේපාලය, දකුණු කොරියාව සහ පේරූ ජාතිකයින් එක් අය බැගින්ද ඊයේ දිනයේදී ඉන්දියාවේ මැදිහත් වීමෙන් ජපානයේ සිට එරටට රැගෙන ඒමට සමත් විය.

එම පිරිස ජපානයේ සිට රැගෙන එනු ලැබුවේ එයාර් ඉන්ඩියා ගුවන් යානයකින් බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ ඉන්දු – පැසිෆික් දැක්ම අනුව ඉන්දීය පුරවැසියන් සමග විදේශ ජාතිකයින් පස් දෙනා රැගෙන ඒමට පියවර ගත් බවයි.

මෙසේ රැගෙන ආ පුද්ගලයින් හර්යානා ප්‍රාන්තයේ පිහිටි හමුදා කඳවුරක් තුල දින 14 ක කාලයක් නිරෝදාන ක්‍රියාවලියකට යොමු කිරිමට ඉන්දීය රජය කටයුතු යොදා ඇත.

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි 3500 ක් පමණ මගීන් සහ සේවකයින් ගෙන් 650කට අධික පිරිසකට කොරෝනා වෛරසය වැළදුණු අතර ඉන් පුද්ගලයින් 6 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements