Featured News

Video Gossip

Advertisement

සූර්‍යාගේ පෘෂ්ඨයේ මෙතෙක් ලබාගෙන ඇති සමීපතම දර්ශන ඡායාරූපගත කරන්නට හවායි හි ස්ථානගත කර ඇති ජාතික විද්‍යා පදනමේ ( National Science Foundation) Daniel K. Inouye සූර්‍ය දුරේක්ෂයට හැකියාව ලැබී තිබෙනවා.

දැනට සූර්‍යයා වටා කක්ෂගතව පවතින නාසා ආයතනයට අයත් පාකර් නම් යානය සහ ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය හා නාසා එකාබද්ධ සූර්‍ය විමර්ශන ව්‍යාපෘති සමග මෙම ඩැනියෙල් දුරේක්ෂය ඔස්සේ සූර්‍යා පිළිබඳ මෙතෙක් හෙළි නොවූ තොරතුරු මෙන්ම සූර්‍යයා විසින් ඇති කරන අභ්‍යවකාශ දේශගුණ තත්වයන් පෘථිවියට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව නව තොරතුරු හෙළි කර ගැනීමට පර්‍යේෂකයන් බලාපොරොත්තු වනවා.

සූර්‍යයා වසා පැතිර පවතින විශාල උණුසුම් ප්ලාස්මාවන් මෙන්ම සූර්‍යයාගේ අභ්‍යන්තරයේ ඇති උණුසුම් ප්‍රවාහයන් මතුපිටට සංවහනය කරන අති විශාල සිදුරු ද මෙම නව ඡායාරූප වලින් පැහැදිළිව දර්ශනය වනවා.

ඩැනියෙල් දුරේක්ෂයේ ආධාර‍යෙන් සූර්‍යයාගේ රෂ්මි වළල්ලේ ඇති චුම්බක ක්ෂේත්‍ර ඡායාරූපගත කරන්නට හැකිවෙතැයි විද්‍යාඥයන් බලාපොරොත්තු වනවා.

පෘථිවියේ ජීවයට බලපෑම් කරන සූර්‍යය විදාරණයන් මෙම චුම්බක කලාප වල දැකගත හැකියි.

මීට අමතරව මෙම දුරේක්ෂය උපයෝගී කරගෙන අභ්‍යවකාශ කාලගුණ තත්වයත් වඩා හොඳින් අවබෝධ කරගන්නටත් සූර්‍ය කුණාටු සම්බන්ධයෙන් පෙරට වඩා හොඳින් අනාවැකි පළ කරන්නටත් හැකිවෙතැයි ඔවුන් බලාපොර්ත්තු වනවා





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements