Advertisement

තැනට සුදුසු නුවණ හේතුවෙන් අට හැවිරිදි පාසල් දැරියක් පෙරේදා (16දා) ස්ත්‍රී දූෂකයකුගෙන් ගැලවී ගොස් ආරක්ෂාව සපයා ගැනීමට සමත්ව ඇතැයි ගොවිඳුපුර පොලිසිය පවසයි.

මෙම දැරිය තනිව නිවෙසේ සිටින විට අසල්වැසි පුද්ගලයකු ඇගේ අත්දෙක පිටුපසට කර අල්ලාගෙන ගොස් දූෂණය කිරීමට තැත් කරද්දී මෙම දැරිය “අන්න වහලේ සර්පයෙක් යනවා” යැයි පැවැසූ විට සැකකරු නැඟිට බූරු ඇඳ මත නැඟ වහල පරීක්ෂා කරන විට බූරු ඇඳ පෙරළී ඇති බවත් එවිට දැරිය නිරුවතින්ම ඇගේ බාල සහෝදරියද රැගෙන යාබද නිවෙසට දිව ගොස් ආරක්ෂාව සපයා ගෙන ඇති බවත් මේ පිළිබඳ විමර්ශනය කළ ගොවිඳුපුර පොලිසියේ ප්‍රකාශකයකු කීය.
සැකකරු මෙම දැරිය දූෂණය කිරීමට තැත් කර ඇත්තේ ඇගේ මවුපියන් කුලී වැඩට ගොස් සිටියදී බව අනාවරණය වී ඇත. 


මෙම දැරියගේ මවුපියන් සිද්ධිය වූ දින දැරිය දහම් පාසල් යවා කුලී වැඩට ගොස් ඇති අතර දැරිය දහම් පාසල නිම වී දහවල් යාබද ඥාති නිවෙසකට ගොස් තිබේ. එහිදී මෙම දැරිය ඇඳ සිටි ළමා සාරිය ගලවා ඇඳුම් මාරු කරගෙන ඒමට යන බව එම ඥාති නිවෙසේ කාන්තාවට පවසා මෙම දැරිය ඇගේ නිවෙසට ගොස් ඇත. එවිට මෙම දැරිය පදිංචි නිවෙසට ආසන්න නිවෙසක සිටින සැකකරු නිවෙසට පැමිණ ඇගේ දෑත් පසුපසට කර අල්ලාගෙන ගොස් දූෂණය කිරීමට තැත් කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසිතුන් හැවිරිදි පුද්ගලයකු බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

වින්දිත දැරිය ඇගේ මව භාරයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබේ.

සැකකරු ඊයේ (17දා) සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.


මොනරාගල _ සංජීව බණ්ඩාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements