Advertisement

කොරොසි 19 හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 1900 ක්‌ දක්‌වා වැඩි වී ඇති අතර ආසාදනය වු සංඛ්‍යාවද 72436 තෙක්‌ ඉහල ගොස්‌ ඇත.
මෙම වෛරසය ආසාදනය වුණු රෝහලේ වෛද්‍ය ලියූ සිහිමින් ඊයේ මියගිය බව චීන මාධ්‍ය පැවසුවත් රෝහල් බලධාරීන් සඳහන් කළේ ඔහු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි. වූහාන් රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ලියූ සිහිමින් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර තවදුරටත් ඔහුට ප්‍රතිකාර කරන බව රෝහල් බලධාරීහු පැවසූහ.

මෙයට සමගාමීව වූහාන් රෝහලේ හෙදියක්‌ද පසුගිය සිකුරාදා මියගොස්‌ ඇත.

මේ අතර චීනයේ රෙඩ් ස්‌ටාර් පුවත් පත පැවසූවේ වෛද්‍ය ලියූ මියගිය බව තහවුරු වූ බවයි.

වෛද්‍ය ලියූගේ මරණය ගැන චීන ජනතාව තුළ කෝපයක්‌ ඇති වී ඇත. ඔහුට කතා කරන්නවත් අවසර තිබුණේ නැහැ යෑයි වෙබ් අඩවි ප්‍රකාශකයෙක්‌ පැවසීය.

ආරංචි මාර්ග පැවසූවේ වෛද්‍ය ලියූගේ පවුලේ අපට චීන රජය ස්‌ටර්ලින් පවුම් 90,000 කට සමාන මුදලක්‌ ගෙවූ බවයි. අන්තර්ජාල වෙබ් අඩවි හෙළි කළේ වෛද්‍යවරයාට ආරක්‍ෂිත ඇඳුමක්‌ ලබා ගැනීමට නොහැකි වීම නිසා ඔහු කොරෝනා වෛරසයට ගොදුරු වූ බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements