Featured News

Video Gossip

Advertisement

ජාතික ඔසු පැළ සිටුවීමේ මහෝත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

එම අවස්ථාව සඳහා අගමැතිවරයා සමග බදුල්ලෙන් පොදුජන පෙරමුණෙන් තරග කරන බව කියන රංගන ශිල්පිනී ඕෂධී මද්දුමහේවා ද තම දියණිය ද රැගෙන එක්ව සිටියා.ඇය මෙම රාජ්‍ය උත්සවය ද අමතනු ලැබුවා.

රංගන ශිල්පිනී ඕෂධී මද්දුමහේවාගේ මෙම සහභාගීත්වය එතන සිටි බොහෝ දෙනෙකු හාස්‍යට ලක් කළ අතර ඇය ජාතික මහෝත්සවය ඇමතීම සම්බන්ධයෙන් බොහෝ දෙනා කලතබහ කළේ පිළිකුල් සහගත අවස්ථාවක් බව කියමිනුයි.

පසුව අග්‍රාමාත්‍යවරයා මෙම උත්සවයේ ඡායාරූප ෆේස්බුක් පිටුව වෙත එක්කර තිබූ අතර ඇගේ සහභාගිත්වය බොහෝ දෙනෙකු ෆේස්බුක් ඔස්සේ දැඩිව විවේචනයට ලක් කර තිබුණා.

ඇගේ සහභාගිත්වය අගය කළ පුද්ගලයන් සොයා ගත නොහැකි වූ අතර ලබන මැතිවරණයේදී යළිත් තීරණයක් ගැනීමට සිදුවන බව ඇතැමුන් සඳහන් කර තිබුණා.වියතුන් බුද්ධිමතුන් ගැන කතාකරමින් කෝලම්කාරිනියන් ට ජාතික උත්සව ඇමතීම සඳහා අවස්ථාව ලබාදීම ගැන ජනාධිපතිවරයා පිළිතුරු දිය යුතු බවද ඇතැමුන් සඳහන් කර තිබෙනවා.

තවත් පිරිසක් නොසරුප් වදනින් ද අගමැතිවරයාගේ ෆේස්බුක් පිටුවේ අදහස් දක්වා තිබුණා.

ෆේස්බුක් පිටුවේ දක්වා ඇති අදහස් කිහිපයක් පහතින් දැක්වෙනවා.








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements