Featured News

Video Gossip

Advertisement

බාලිකාවන් වැසිකිළිය වෙත රැගෙන ගිහින්
 එකිනෙකා වෙන්-වෙන් වශයෙන් පරීක්ෂා කරලා 

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ බොල්පූර් නගරයේ පිහිටි පෞද්ගලික බාලිකා විද්‍යාලයක ගුරුවරියන් විසින් පසුගියදා එහි නේවාසිකාගාරයේ සිසුවියන් 68 දෙනකු නිරුවත් කිරීමේ සිද්ධියක් බීබීසී පුවත් සේවය වාර්තා කළා.

දැඩි ආගමිකවාදයට එල්බ සිටින ස්වාමිනාරායන් නිකායට අයත්, ශ්‍රී සහජානන්ද් හින්දු කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලබන යොවුන් දැරියන් මෙම හිංසනයට භාජන වී තිබේ. ඔවුන් අතරින් මල්වර වූ දැරියන් සෙවීම සඳහා මෙම අපූරු පරීක්ෂණය සිදු කර ඇත්තේ පාසලේ වැසිකිළිය තුළදීයි.

පන්ති කාමරවල සිටි යථෝක්ත බාලිකාවන් වැසිකිළිය වෙත රැගෙන යන ලදුව ඔවුන් එකිනෙකා වෙන්-වෙන් වශයෙන් පරීක්ෂා කිරීමට මෙම මහලු ගුරුවරියන් කටයුතු කර තිබෙනවා.

මෙම පරීක්ෂණය සිදු කිරීමට පෙර දිනයේ නේවාසිකාගාරයේ පාලිකාව විසින් තමා භාරයේ සිටින බාලිකාවන් පිළිබඳව විදුහල්පතිනි ආර්චනා ෆර්නැන්ඩස් හට එක්තරා පැමිණිල්ලක් කර තිබුනා.

එම පැමිණිල්ල නම්, මල්වර යුවතියන් විසින් පිළිපැදිය යුතු බවට ආගමානුකූලව දක්වා ඇති නියමයන් එම සිසුවියන් උල්ලංඝනය කරන බවයි. 


මල්වර වී සිටින දිනවල බාලිකාවන් පාසල තුළ පිහිටුවා ඇති ආගමික ස්ථානයට සහ මුළුතැන්ගෙයට පිවිසීමෙන් වැළකිය යුතුය යන්න එම නියමයයි. 

එමෙන්ම ඒ දිනවල අන් යුවතියන් ස්පර්ශ කිරීම සපුරා තහනම් වන අතර ආහාර ගැනීමේදී අන් අයගෙන් ඈත්ව සිටීමටත්, පන්ති කාමරයේ දී පවා පිටුපස බංකුවේ හිඳ ගැනීමටත් ඔවුන් වග බලාගත යුතුය. 

නමුත් නේවාසිකාගාරයේ සිසුවියන් මෙම නීති කඩ කරන බවට පාලිකාව විසින් විදුහල්පතිය වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන් වනවා.

ඉහත නීති නියාමනය පිණිස නේවාසිකාගාරය තුළ වාර්තා පොතක් පවත්වාගෙන යනු ලබන බවත්, මල්වර වී සිටින කාලය තුළ තරුණියන් සිය නම එම වාර්තා පොතේ දිනපතා සටහන් කිරීමට බැඳී සිටින බවත්, එක් සිසුවියක් පසුව බීබීසී වාර්තාකරු සමඟ පවසා තිබෙනවා. 

නමුත් පසුගිය මාස 2 තුළ එකදු සිසුවියක හෝ එම වාර්තා පොතේ සිය නම සටහන් කර නැහැ. සිසුවියන් සිය වගකීම පැහැර හැරීම නිසා අදාළ සිසුවියන් හට ‘මල්වර නීතිය’ ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවද පාලිකාවට අහිමි වී තිබෙනවා.

පසුගිය දෙමස තුළ සියලුම සිසුවියන්ද අභිමත පරිදි ආගමික ස්ථානයේ, මුළුතැන්ගෙයි හා අන් බාලිකාවන් අතර නිදහසේ ගැවසී තිබෙන නමුත් මොවුන් අතර මල්වර වූ බාලිකාවන් අනිවාර්යයෙන්ම සිටිය යුතු හෙයින් ඔවුන් හඳුනාගැනීම පිණිස අනපේක්ෂිත අවස්ථාවක ඉහත සඳහන් අපූරු පරීක්ෂණය පැවැත්වීමට ගුරුවරියන් කතිකා කරගෙන ඇත්තේ ඒ නිසායි.

නමුත් විදුහල්පතිනියගේ අනුදැනුම මත ගුරුවරියන් විසින් තමන් බලහත්කාරයෙන් නිරුවත් කරනු ලැබීම අපයෝජනයක් බව සිසුවියෝ කියා සිටිනවා. මෙය මානසික වශයෙන් c වූ බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

තම දියණිය ඇතුළු සිසුවියන් බොහෝදෙනකු කම්පනයට පත්ව සිටින බව පසුදින මෙම සිද්ධිය පොලිසියට පැමිණිලි කළ එක් සිසුවියකගේ පියා පවසා තිබෙනවා. 

සිද්ධිය ඇතිවූ දින සවස තමා දියණිය බැලීමට නේවාසිකාගාරයට ගිය විට ඇය සහ ඇගේ යෙහෙළියන් තමා වටකරගෙන හඬා වැලපෙමින් ඔවුන්ගේ දුක පැවසූ ආකාරය, පැමිණිල්ල සටහන් කරගත් පොලිස් නිලධාරින් හමුවේ ඔහු විස්තර කර තිබුනා.

මෙම සිද්ධියෙන් දින දෙකකට පසු පාසලේ සිසුවියන් කණ්ඩායමක් විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදෙමින් තමන් හිංසනයට පත් කළ පාසල් බලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියා.


මෙය අවාසනාවන්ත සිදුවීමක් බව විද්‍යාලයේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයකු වන ප්‍රවීන් පිණ්ඩෝරියා පවසා ඇත. මෙම වැරදි ක්‍රියාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ඔහු ප්‍රතිඥා දී තිබෙනවා.

නමුත් විද්‍යාලයේ උප විදුහල්පතිනි දර්ශනා ධොලාකියා පවසා ඇත්තේ මෙවැනි ක්‍රියා මාර්ගයක් ගනු ලැබීමට වගකිව යුත්තේ විදුහලේ නීතිය උල්ලංඝනය කළ සිසුවියන්ම බවයි.

කෙසේ වෙතත් මෙම ‘නිද්දා සහගත ක්‍රියාව‘ පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කළ බව ගුජරාට් ප්‍රාන්ත කාන්තා කොමිසම නිවේදනය කරනවා. 

සිසුවියන් වෙත පණිඩිඩයක් නිකුත් කළ එම කොමිසම ඔවුන්ට අත්වූ හිරිහැරය ගැන නොබියව කරුණු ඉදිරිපත් කරන මෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

මල්වර වූ කාන්තාවන් අපවිත්‍ර බවට සැලකීමත්, ඔවුන් ආගමික හා සංස්කෘතික කටයුතුවලින් ඈත් කර තැබීමත් අනාධිමත් කාලයක සිට ඉන්දියාවේ පැවතෙන හින්දු සම්ප්‍රදායක්. 

නමුත් වර්තමාන උගත් නාගරික ස්ත්‍රී පරපුර මෙම ගතානුගතික සම්ප්‍රදායට අභියෝග එල්ල කරනවා. 

මල්වර වීම යනු ස්වාභාවික ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් බව ජනතාවට ඒත්තු ගැන්වීම පිණිස පසුගිය වසර ගණනාවක සිට ප්‍රජා අධ්‍යාපනික වැඩසටහන් රැසක් ඉන්දියාව තුළ පැවැත්වෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements