Featured News

Video Gossip

Advertisement

තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනව.

එමෙන්ම අනාගතයේදී අයදුම් කිරීමට බලාපොරොත්තුවක් නැතැයිද ඒ මහතා සඳහන් කරනවා.
ඔහුටත් පවුලේ ඥාතීන්ටත් ඇමරිකාවට ඇතුළු වීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.

වත්මන් යුධ හමුදාපතිවරයාට එරෙහිව එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා හේතුවෙන් මෙම තහනම පනවා ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

7031 (ඇ) වගන්තිය මගින් විදේශ නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝණය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට විශ්වාසදායක තොරතුරු තිබේ නම් එම පුද්ගලයින් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු ලෙස නම් කිරීමට බලය පවරා ඇති අතර ඒ අනුව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුල්වීම තහනම් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම නියෝගය පනවා තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements