Featured News

Video Gossip

Advertisement

රාජ්‍ය පරිපාලන පලාත්සභා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ ලේකම් වරයෙකු ලෙසින් පෙනිසිටිමින් ජනතාව මුලා කරමින් විවිධ ආයථන හා පුද්ගලයින්ගෙන් මුදල් ඒකතුකල පුද්ගලයකු අල්ලා දඹුල්ල පොලිසිය වෙත භාරදීමට ජනක බණ්ඩාර තෙන්නකොන් ඇමැතිවරයා ඊයේ (09දින) කටයුතු කලේය.

මෙම පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචි පුද්ලගයකු බවත් මාතලේ ප්‍රදේශයේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ජනතාව මුලාකරමින් රැකියා ලබාදීම වෙනුවෙන් හා විවිධ කාර්යන් කරදෙනබව පවසමින් ඒ වෙනුවෙන් මුදල් ඒකතු කර ඇති බවත් ඒ කාර්යන් සිදුනොවිම නිසා ඒ පිලිබදව සොයාබැලිමට මහජන දිනය වු ඊයේ ඇමැතිවරයාගේ දඹුල්ලේ නිවසට පැමිණි ජනතාව ඒ පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර අදාල පුද්ගලයාව දඹුල්ලට ගෙන්වා දඹුල්ල පොලිසියට භාරදීමට කටයුතු කර ඇත.

මෙම පුද්ගලයා හෝ වෙනත් පුද්ගලයින් වෙත මුදල් හෝ වෙනත් වරප්ප්‍රසාදයන් ලබා ෙනාදිය යුතු බව අමාත්‍යවරයා මහ ජනතාවගෙන් ඉල්ලා සිටි.

අත්අඩංගුවට ගත්පුද්ගලයාගෙන් පොළිසිය ප්‍රශ්ණ කරමින් සිද්ධිය පිළිබදව පරික්ෂණ සිදුකරන අතර මෙම පුද්ගලයාව දඹුල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඒක්කීරිමට නියමිතය.

– මහින්ද රත්නායක දඹුල්ල

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements