Featured News

Video Gossip

Advertisement

“පසුගිය වසර 05 ඇතුලත මම කිසිම වාහනයක් ආනයනය කරලා නැහැ. ඒක මට වගකීමෙන් කියන්න පුලූවන්. පසුගිය වකවානුව තුළ මම මුදල් අමාත්‍ය ධූරය, විදේශ කටයුතු අමාත්‍ය ධූරය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය දැරුවා. නමුත් කිසිම ආකාරයක වාහන ආනයන කටයුත්තකට මම සහභාගි වෙලා නැහැ. මම ඒ ආකාරයෙන් වාහන ආනයනය කළා කියන මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍යයක්. මම දන්නේ නැහැ ඒ ආකාරයෙන් ඇයි චරිත ඝාතනයක් සිදු කළේ කියලා. ඒ අසත්‍ය ප්‍රචාර පළකල මාධ්‍ය ආයතන වලින් මම ඉල්ලා සිටින්නේ, ඒ අසත්‍ය වාර්තා නිවැරදි කරන්න, එහෙම නැතිනම් ඒ සම්බන්ධයෙන් මම නීතිමය පියවර ගන්නවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

රවී කරුණානායක මහතා මෙම අදහස් පළකර සිටියේ, ආමර්වීදිය කෝවිලක පැවති ආගමික වතාවත් වලින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමිනි.

මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත කරුණු පැහැදිළි කළ අමාත්‍යවරයා,

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්නයක් ඇති බවට මාධ්‍ය විසින් මවාපෑමතක් සිදුකරලා තිබෙනවා. නමුත් අපේ පක්ෂය තුළ කිසිදු අභ්‍යන්තර ගැටළුවක් නැහැ. ඒ නිසා තමයි රනිල්, කරූ, සජිත්, රවී කියන අපි සියලු දෙනාම මේ අසත්‍ය ප්‍රචාරයන් නවත්වන්න, පක්ෂයේ ශක්තිමත්භාවය පෙන්නුම් කරන්න කටයුතු කරගෙන යනවා. පක්ෂයේ නායකයින් සාමාජිකයින් සියයට අනූනවයක්ම එකාමෙන් කටයුතු කරනවා. සියයට එකක් තමයි මේ යම් යම් ප්‍රකාශයන් සිදුකරන්නේ. මම එක්සත් ජාතික පාක්ෂිකයින් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ, අලි රැලක් වගේ අපි එකමුතුව කටයුතු කරමු කියලයි. කෙසේ නමුත් ලබන සතිය වනවිට එක්සත් ජාතික පක්ෂය තුල සැබෑ එකමුතුවක් තුළින් දැඩි ස්ථාවරත්වයක් ඇති කරන්න අපි සූදානම්.

මේ ආණ්ඩුව ජනතාවට කරන්න බැරි දේවල් පොරෙන්දු දීලා, දැන් ජනතාව මහත් අසීරුතාවයකට පත් කරලයි තිබෙන්නේ. එදා අපි ආණ්ඩු බලය ලබා ගත් අවස්ථාවේ, අපි කරන්න බලාපොරොත්තු වූ වැඩපිළිවෙල සියලු දෙනාටම දැනගන්න සැලැස්සුවා. නමුත් මේ ආණ්ඩුවට ඒ ආකාරයේන කටයුතු කරන්න බැරි වුණා. මේ ආණ්ඩුව බලයට පත්වෙලා දැන් දින 80 ක් වෙනවා. නමුත් ජනතාවගේ අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍යවල පවා මිල පහල දැමීමක් සිදුකරගන්න බැරිවෙලා තිබෙනවා. මේ ආණ්ඩුවට බලය ලැබුණට හැකියාවක් නැහැ. ලබන අප්‍රේල් 25 වනවිට මහා මැතිවරණය පවත්වයි. ඒ ආවස්ථාවේදී සියලු දෙනාම එකමුතු වෙලා, රට ගැන හිතා, සියලු දේශපාලන බෙදීම් අමතක කරලා, දැඩි පැහැදිළි තීරණයක් ගතයුතුයි.

මේවනවිට වෝහාරික වාර්ථාවෙන් සියල්ල පැහැදිලි වෙලා තිබෙනවා. එදා අපි දෙතුන්දෙනෙකුට හොරු කියලා ඇගිල්ල දික්කලාට, සැබෑ හොරුටික සිටියේ මහබැංකුවේ. මම හිතන්නේ මේ වෝහාරික වාර්ථාව මේ ආකරයේන පැහැදිළිව ඉදිරිපත් කිරීම, දෙවියෝ දුන්න අවස්ථාවක් යැයි පැවසීය.

– මාධ්‍ය අංශය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements