Featured News

Video Gossip

Advertisement

නිවාස සංවර්ධන අධිකාරියේ සේවය අහිමි වූවන්ගේ සංගමය, පුරාවිද්‍යා සහායක නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා ව්‍යාපෘති සහායක එකමුතුව දෙවන දිනටත් ඊයේ (11 ) විරෝධතාවයේ නිරත වී සිටින ස්ථානයට පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට විරෝධතාකරුවන් හූ කියමින් සිය විරෝධයදක්වනු ලැබුවා.

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට වෙන්කර තිබෙන ස්ථානයේ මෙම විරෝධතාවය පැවැතවුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර විරෝධතාකරුවන් හමුවට පැමිණ කියා සිටියේ විරෝධතාකරුවන්ගේ රැකියා ප්‍රශ්නය විසඳන බවයි.

“ජනාධිපතිතුමා මේ ස්ථානයට ඇවිත් උද්ඝෝෂණයේ නිරත සහෝදරයන්ට කිව්වා එතුමාගේ රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ පක්ෂ භේදයකින් තොරව සාධාරණය කරන බව. එහෙම කියලා තියෙද්දීත් තමයි ඔබ තමුන්නාන්සේලා අද දවසේත් මේ ස්ථානයේ රැඳී ඉන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා එතුමාගේ කාර්යාලයට කැඳවලා කිව්වා එතුමා වෙනුවෙන් පොරොන්දුවක් දෙන්න කියා. එතුමාගේ රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ අනිවාර්යයෙන්ම මෙම රැකියා ගැටලුව විසඳන බව. මේ දක්වා එතුමා කියපු සෑම දෙයක්ම අකුරටම ඉටුකර තිබෙනවා. ඔබ තමුන්නාන්සේලා මෙහෙම හිටියා කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ යැයි පුද්ගලික ලේකම්වරයා පැවැසීය.”

ජනාධිපතිවරයාගේ පොරොන්දුව විශ්වාස කරමින් විරෝධතාකරුවෝ පසුව විරෝධතාව අවසන් කළා.

පසුව එම ස්ථානයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැමිණියා.

මෙහිදී මන්ත්‍රීවරයා විරෝධතාකරුවන් හමුවේ කියා සිටියේ අපි එදත් ආවා. අදත් ආවා. වාසියකට නොවෙයි ආවේ යනුවෙනි.

මෙහිදී විරෝධතාකරුවෝ පැවැසුවේ.

“ඔයා ආවා නම් කරුණාකරලා යන්න. කොළඹ කාමරේ හදලා දුන්නා අපේ සල්ලි වලින්. රජයෙන් සතපහක්වත් දුන්නේ නෑ. අන්තිමට නායකත්වයේ පෙරේත කමට අපි පාවලා දුන්නා. අන්තිමට අපිට මෙහෙම දුක් විදින්න වුණේ සජිත්ගේ වරදින්. නායකත්ව පොරයට නටලා නටලා අන්තිමට ඒකත් නැති වුණා.ජනාධිපතිතුමා අපේ ප්‍රශ්නය විසඳුවොත් අපි එජාපයට උදවු කරන්නේ නෑ ” යනුවෙනුයි..

කෙසේ නමුදු පුරාවිද්‍යා සහායක නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (11 වැනිදා) රාත්‍රිය වන විටද විරෝධතාවයේ නිරතවී සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements