Advertisement

නිවාස සංවර්ධන අධිකාරියේ සේවය අහිමි වූවන්ගේ සංගමය, පුරාවිද්‍යා සහායක නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා ව්‍යාපෘති සහායක එකමුතුව දෙවන දිනටත් ඊයේ (11 ) විරෝධතාවයේ නිරත වී සිටින ස්ථානයට පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට විරෝධතාකරුවන් හූ කියමින් සිය විරෝධයදක්වනු ලැබුවා.

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට වෙන්කර තිබෙන ස්ථානයේ මෙම විරෝධතාවය පැවැතවුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර විරෝධතාකරුවන් හමුවට පැමිණ කියා සිටියේ විරෝධතාකරුවන්ගේ රැකියා ප්‍රශ්නය විසඳන බවයි.
විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා ඉදිරි මහමැතිවරණයට තරග වැදීම අරමුණු කරගෙන ලබන බ්‍රහස්පතින්දා (23) දින‌ සිට රට පුරා දැවැන්ත රැස්වීම් මාලාවක් සංවිධාන කිරීමට සජිත් පාර්ශ්වය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව එහි පළමු රැස්වීම නුගේගොඩ නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිතයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණ ආරම්භ කිරීම සඳහා සියල්ල සුදානම් කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements