Advertisement

රාජ්‍ය ඇමැතිවරයකුව කටයුතු කළ රන්ජන් රාමනායක මහතා විනිසුරු ගිහාන් පිලපිටියට තර්ජනය කර ඇතැයි අනාවරණය වී තිබෙන බව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජනාධිපති ​ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් සඳහන් ක තිබෙනවා.


මේ බව අනාවරණය වන්නේ විනිසුරු ගිහාන් පිලපිටියගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිවරයා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු වැඩබලන ලේකම් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක, අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් කිහිපදෙනකුගේ සටහන් කරගත් ප්‍රකාශවලට අනුව යැයිද එහි සඳහන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සහ නීතිපතිවරයාගේ නියෝගය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යවා ඇත්තේ ඉකුත් 08 වැනිදායි.

විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නැයි නීතිපතිවරයා කළ නියෝගය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සුදුසු උපදෙස් ලබාගැනීම සඳහා තමා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත්කළ බව පොලිස්පතිවරයා ජනාධිපති ලේකම්වරයාට යොමුකළ ලිපියේ සඳහන් වනවා.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.එන්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් විසින් හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ තවත් පුද්ගලයන් කිහිපදෙනකුගේම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස්පතිවරයා යොමු කළ ලිපියේ සඳහන්ව තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements