Advertisement

NCC කණ්ඩායමේ නිත්‍ය කඩුළු රකින ක්‍රීඩක ළහිරු උදාර රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 303කදී නොදැවී ලකුණු 290ක් වාර්තා කරගැනීමට සමත් වූ අතර එය ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කල 3වන හොදම නොදැවුණු ඉනිම ලෙස වාර්තා පොත් අතරට එක් වූ අතර ළහිරු ත්‍රිත්ව ශතකය පෙනන මානයේ සිටියද එන්.සි.සි කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දැවී යාම නිසාවෙන් ඔහුට එම වටිනා ත්‍රිත්ව ශතකය අවාසනාවන්ත අයුරෙන් අහිමිවී ගියේය.
ළහිරුගේ ඉනිම ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කල 10වන හොදම පළමු පෙළ ඉනිම වන අතර මේ සමගින් ළහිරු වසර 12ක් පුරා කුමාර සංගක්කාර සතුව තිබු වාර්තාවක් බිදදැමීමට සමත් වෙමින් එන්.සි.සි කණ්ඩායමේ පිතිකරුවෙකු වාර්තා කල හොදම ඉනිම ලෙස වාර්තා පොත් අලුත් කිරීමට සමත් විය. ළහිරුගේ ඉනිම 4 පහරවල් 28කින් හා 6 පහරවල් 9කින් වර්ණවත් වූ අතර නො.3 පිතිකරුවා වශයෙන් ළහිරු පිටියට පිවිසි අතර විටක එන්.සි.සි කණ්ඩායම ලකුණු 39කට කඩුළු 3ක් දැවීගොස් දැඩි පසුබෑමකට ලක්වී සිටි විටක සුවිශේෂී ඉනිමක් ක්‍රීඩාකරමින් ළහිරු එන්.සි.සි කණ්ඩායම ලකුණු 552ක් දක්වා මෙහෙයවීමට සමත් විය.

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයෙන් ක්‍රිකට් මුලකුරු කියවූ මෙම දකුණත් පිතිකරුවා ඕනෑම විටකදී වේගයෙන් පන්දුවට පහර දීමට උපන් හපන්කම් දක්වන අතර පසුගිය වසරේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් දිනාගැනීමට සමත් විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements