Advertisement

නුගේගොඩ පාසල් මාවත ප්‍රදේශයේ නිවෙසක කුලී පදනම මත සිටි කාන්තාවකට කොස්සකින් පහරදී තුවාල සිදුකළ නිවෙස් හිමි කාන්තාවට මාස 09ක සිරදඬුවමක් නියම කළ නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කර තිබෙනවා.


මීට අමතරව රුපියල් 1,500ක දඩයක්ද නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දඩය නොගෙවන්නේ නම් විත්තිකාර කාන්තාවට තමන් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් ලබාදෙන ලෙසටද නියම කර තිබෙනවා. 

මෙකී සිද්ධියේ පැමිණිලිකාරිය පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් ඇය ඉහත කී නිවෙසේ කුලී පදනම මත සිටින අතරතුර ඇය හා නිවෙස හිමිකාරිය අතර ඇතිවූ බහින්බස් වීමකින් පසු විත්තිකාර කාන්තාව පැමිණිලිකාරියට කොස්සකින් පහරදී තුවාල සිදුකර ඇති බවත් මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය “බී” වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. 

රුවනි නර්මදා නමැති කාන්තාවක් මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වන අතර 2014 වසරේ සිට පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ තමන්ට හිර ගෙදරට යෑමට නොහැකි බව පවසමින් අධිකරණය තුළ හඬා වැටෙන අයුරු දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ. 

කුමුදු උපුල් ශාන්ත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements