Featured News

Video Gossip

Advertisement

මගේ ආසාව ශල්‍ය වෛද්‍යවරියක් වීමයි
අම්මා මෙහෙට ඇවිත් තමයි විවාහ වෙලා තියෙන්නේ
අපේ ඥාතීන් ලංකාවේ ඉන්නවා

පළමු වතාවට දුටු කෙනෙකුගේ මුහුණත් අපේ මතකයේ රැදෙනවා නම් ඒ මුහුණෙහි විශේෂත්වයක් තිබිය යුතුුමයි. මුහුණු පොතේ ඇගේ රුව ඉදිරියෙන් කවුදෝ මෙලෙස ලියා තිබුණා. ඇයගේ මුහුණ කතා පොතක් වගෙයි. ඒ මුහුණ දකින ඕනෑම කෙනෙක් ඒ වදන හා එක`ගවනු නියතයි. ඇය අපේ රංගන ක්ෂේත‍්‍රයට සුවිශේෂ වන්නෙත් අප ඇය හා කතාකරන්න පොළඹවනු ලබන්නෙත් ඒ විශේෂත්වයමයි. තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයෙන් අපට හමුවන වදනින් නොව මුහුණෙන් කතාකරන යුවතිය වැනීෂා ගාල්ලගේ ගැන තොරතුරු විමසමු.

වැනිෂා ඔබ නිරූපිකාවක්ද ?
නැහැ. මම වෛද්‍ය ශිෂ්‍යාවක්. මගේ ආසාව ශල්‍ය වෛද්‍යවරියක් වීමයි. ඒ සදහා මම ජර්මනියේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපන කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ. දැන් මගේ ආසාව ශල්‍ය වෛද්‍යවරියක්වීමයි. ඒ වෙනුවෙන් මම කාලය කැප කරලා තියෙනවා. ඒ වුණත් ඉදිරියේදී ඒ අදහස වෙනස් වෙයිද කියලා කියන්න බැහැ.

ඔබ ලාංකික යුවතියක්්ද?

මගේ අම්මා ශ‍්‍රී ලාංකික කාන්තාවක්. මගේ තාත්තා ජර්මන් ජාතිකයෙක්. අම්මා ජර්මනියේ පදිංචියට ඇවිත් දැනට අවුරුදු හතළිහක් පමණ වෙනවා. අම්මා මෙහෙට ඇවිත් තමයි විවාහ වෙලා තියෙන්නේ. මම ඉපදුණේ හැදී වැඩුණේ ජර්මනියේ. මට තව අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි ඉන්නවා.

ලංකාව සමග ඔබගේ සබ`දතා දුරස්ද?

මගේ අම්මාගේ ගම හික්කඩුව. අපේ ඥාතීන් ලංකාවේ ඉන්නවා. අපි හැම වසරකම වගේ නිවාඩුවට ලංකාවට එනවා. ලංකාවේ අපේ නෑදෑයින් බලන්න යනවා.

ළගදී ලංකාවට එන්න අදහසක් තියෙනවාද?

මගේ වෛද්‍ය උපාධිය වෙනුවෙන් මම රටවල් දෙකක රෝහල් වල මාස හය බැගින් සේවය කළ යුතුව තිබෙනවා. ඒ ස`දහා මම එක රටක් ලෙස ලංකාව තෝරාගෙන තියෙනවා. ඒ නිසා මේ වසරේ මගේ අධ්‍යාපන කටයුතු සඳහා ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

රගපෑම කියන්නේ වැනීෂාට ආගන්තුක විෂයක්ද?

රගපෑම ගැන මම ඉගෙනගෙන නැහැ. මගේ මාමා ද සිල්වා ගාල්ලගේ. තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ නිෂ්පාදනයට සම්බන්ධ වෙනවා. ඒ හැ`දුනුම්කම මතයි මට තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ ර`ගපාන්න

අවස්ථාව ලැබුණේ. මම හිතනවා මම ඒක හො`දින් කළා කියලා. ඒ වෙනුවෙන් මට නාට්‍ය අධ්‍යක්ෂණය කළ රොෂාන් එහි මගේ පෙම්වතා විදිහට ර`ගපාන ධනුක දිල්ශාන් සහ අනෙකුත් නාට්‍ය කණ්ඩායමේ හැමෝගෙන්ම ලොකු සහායක් ලැබුණා.

මේ චරිතය නිරූපණය ඔබට පහසු එකක් වූවාද?

මම රගපාන්නේ ලංකාවෙන් ජර්මනියේ පදිංචියට ගිය පවුලක දියණියක් හා ජර්මනියට රැුකියාවක් ස`දහා පැමිණි සිංහල තරුණයෙකුගේ පෙම්වතියකගේ චරිතයක්. මම ජර්මනියේම උපන් කෙනෙක් නිසා මගේ සිංහල උච්චාරණයේ වෙනස්කම් තිබුණා. ඒ නිසා මගේ හ`ඩට ගැළපෙන වෙන කෙනෙකුගේ හ`ඩක් යොදාගත්තා. ඒ හැර මගේ රංගනයේදී අසීරුතාවක් වුණේ නැහැ.

වැනීෂා ලංකාවේ ටෙලි නාට්‍ය නරඹලා තියෙනවාද?

මෑතකදී මම මගේ ආච්චි එක්ක වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍ය නැරඹුවා.

වැනීෂාගේ විවේක කාලය ගතවෙන්නේ කොහොමද?

විවේකයක් ලැබුණ වෙලාවට ජිම්නාස්ට්ක් ක‍්‍රීඩාවේ නිරත වෙනවා. පසු ගිය වසර හතරේදීම මම පිටපිටම මේ රටේ ජාතික ජිම්නාස්ටික් ශුරතාවය දිනාගත්තා. අපේ ජිම්නාස්ටික් කණ්ඩායමත් දෙවතාවක්ම ජාතික ශුරතාව දිනාගත්තා.

ලංකාවෙන් නැවතත් ර`ගපාන්න ඇරයුම් ලැබුණොත් භාරගන්නවාද?

මගේ මාමා ජීවත්වෙන්නෙත් ජර්මනියේ. ඔහුගේ ලංකාවේ සිටින හිතවතුන්ගේ මාර්ගයෙන් ලංකාවේ ටෙලි නාට්‍ය වල රගපාන්න මට අ`ඩගහලා තියෙනවා. ඒත් මගේ අධ්‍යාපන කටයුතු එක්ක ලංකාවට ඇවිත් දැන්ම ඒවාට සම්බන්ධ වෙන්න මට හැකියාවක් නැහැ. නමුත් මෙහේ රූගත කිරීම් කරන නිර්මාණ වලට කාලය හොයාගෙන ර`ගපාන්න කැමැතියි.

ධම්මිකා සුරංජි පතිරණ





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements